UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇල්පිටියේ අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණ සීමා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය

Message from the Deputy Sangaraja
Maha Rajamangalachariya (Somedej) of Thailand

I release this special message to mark the ceremonial opening of the Higher Ordinance Unit of Amugoda Jayasumanarama Maha Vihara Elpitiya on October 23 based on the friendship maintained between Ven. Amugoda Somananda Maha Nayaka Thera, Deputy Chief Monk of Southern Sri Lanka and Wat Pat Nam Maha Vihara, Bangkok, Thailand.

I am very much connected to Sri Lanka for nearly 30 years. The cause for this bond is that both countries practise Theravada Buddhism. Even the leaders of the two countries maintain a friendship. During the Kandy era, it was difficult to find ordained Bhikkhus. So Ven. Upali Thera from Myanmar came to Sri Lanka and initiated the process of higher ordination. This venture also contributed to the great friendship between the two countries.

Thirty-five years ago Ven. Boyagane Wimalasiri Thera worked with us at our temple and this paved the way to Most Ven. Kosgoda Dhammawansa Nayaka Thera, Most Ven. Thalalle Dhammananda Maha Nayaka Thera, Most Ven. Pinwatte Devananda Maha Nayaka Thera, Most Ven. Thalalle Dhammaloka Maha Nayaka Thera and other Bhikkhus from Sri Amarapura sector to keep a close association with us.

Similarly, we associated with the Kandy Asgiri Sector, Malwatta Sector, Peliyagoda Jayathilakarama, Kuppiyawatte Jayashekararama, Peliyagoda Gangarama, Matale Alu Vihara, Kandy cremation chamber Vihara, Pinwatte Saddhammakara Pirivena and Mount Lavinia Dhammapalarama. Seven Nayaka Theras from Sri Lanka participated in my accession ceremony of Somedej while Ven. Amugoda Somananda Nayaka Thera, then principal of Saddhamakara University College, Pinwatte, Panadura deputized the Most Ven. Thalalle Dhammananda Maha Nayaka Thera to represent the royal ceremony.

Thereafter, Ven. Amugoda Somananda Maha Nayaka Thera has been maintaining a healthy friendship with our temple and after my accession to the post of Somedej, he organised a function with Ven. Dr. Walpola Wimalagnana Thera at his temple to receive me. As an initial steps for the development of the temple a shrine room was constructed and a Buddha statue was donated by our temple to the shrine room.

To commemorate the death of the parents of Capt. Pramook Na Vbol, an army officer from a reputed family donated this two storeyed Chapter House which is ceremonially opened today. Construction of the Chapter House was made on the suggestion put forward by Ven. Amugoda Somananda Thera.

We all bless him as he works with the laymen of the village for the upliftment of the Buddha Sasana.

All Bhikkhus of Wat Pat Nam temple and I wish him all success on the ceremonial opening of the Chapter House.

May the Triple Gem bless you all


කාලෝචිත ක්‍රියාවකි

‘විනයෝ නාම සාසනස්ස ආයු’ ශාසනයේ ආයුෂය නම් විනය යි. එය සම්මා සම්බුද්ධ දේශනාවයි. භික්ෂුන් වහන්සේගේ විනය කටයුතු සඳහා නියමිත වූ ස්ථානය සීමා මාලකය නමින් හැඳින්වේ. අද දින ඇල්පිටිය - අමුගොඩ ජයසුමනාරාම මහා විහාරස්ථානයේ දී විවෘත වන සීමාමාලකය විහාරස්ථ භික්ෂුන් වහන්සේට මෙන්ම සතර දිගින් වැඩම කරවන භික්ෂූන් වහන්සේලාගේ විනය කටයුතු සඳහා ඉමහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත. මෙය තනා දෙමින් අප අතර, දීර්ඝ කාලයක් පැවති ශ්‍රී ලංකා - තායිලන්ත මිත්‍රත්වය තව තවත් උද්දීප්තිමත් කළ තායිලන්තයේ කැප්ටන් ප්‍රාමෝක් නා උබෝල් මැතිතුමා ඇතුළු පවුලේ සැමට ප්‍රථමයෙන් පුණ්‍යානුමෝදනා කළ යුතුයි.

අමුගොඩ ජයසුමනාරාමය ශත වර්ෂයකටත් ඈත ඉතිහාසයකට නෑකම් කියයි. එය සසුනට දායාද කළ අතිපූජ්‍ය ඕමත්තේ අභයතිස්ස මහ නාහිමිපාණන් වහන්සේ මෙන්ම මෙතෙක් විහාරස්ථානය රැකගෙන අද මේ තත්ත්වය දක්වා පවත්වාගෙන ආ නාහිමිවරුන් සිහිපත් කරවමින් පුණ්‍යානුමෝදනා කළ යුතුයි.

තත් විහාරාධිපති මහෝපාධ්‍යාය අමුගොඩ සෝමරතන නාහිමිපාණන් වහන්සේගේ 84 වැනි ජන්ම දිනයට ආශිර්වාද කිරීමත්, විහාරාධිකාරි, අපගේ ද අනුශාසකත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රීමත් අනගාරික ධර්මපාල පරෝපකාර පදනමේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමියන් පැවිදි දිවියට ඇතුළත්ව 48 වසරක් ගතවීම නිමිත්තෙන් උන්වහන්සේට සුබ පැතීමත් මෙම අවස්ථාවේදීම යොදා ගැනීම කාලෝචිත ක්‍රියාවකි. උන්වහන්සේලාට සෙංකඩගලපුර වැඩ වසන වාම ශ්‍රී දළදා වහන්සේගේ මෙන්ම මගේ භාරකාරත්වයෙන් ඇති ඓතිහාසික පොළොන්නරු සෝමාවතී රාජමහා විහාරස්ථානයේ වැඩ වසන දකුණු ශ්‍රී‍්‍ර දළදා වහන්සේගේ අනුහසින් කිසිම කාය චිත්ත පීඩාවක් නොමැතිව, උතුම් ශාසනික සේවාවන්හි යෙදෙන්නට ශක්තිය, ධෛර්ය මෙන්ම වාසනාව ලැබේවා! නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායු සම්පත් ලැබේවා! යන්න මගේ් අවංක ප්‍රාර්ථනයයි.


බෙහෙවින් අගය කරමි

අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරාධිපති, ගාලු දිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අමුගොඩ සෝමරතන නායක ස්ථවිරයන්ගේ 84 වැනි ජන්ම දිනයට ආශීර්වාද කිරීමත්, තත් විහාරාධිකාරි දකුණු පළාතේ උප ප්‍රධාන සංඝනායක, අමුගොඩ සෝමානන්ද නායක ස්ථවිරයන් වහන්සේ පැවිදි බිමට පත්ව 48 වසරක් සැපිරීමත්, ඒ නිමිත්තෙන් සුබ පැතීමත් වාර්ෂික කඨින චීවර පූජා පින්කමත්, තායිලන්තයේ කැප්ටන් ප්‍රාමෝක් හා උබෝල් මැතිතුමා ඇතුලු පවුලේ ඥාතීන් විසින් සීමා මාලකයක් ඉදි කොට සම්බුදු සසුනට පිදීමත්, මෙම පින්කමේ ප්‍රධාන අරමුණු අතර වේ.

මිනිසා හැදීමත් හැදුණු මිනිසා ලවා සමාජය හැදීමත් මහණකමේ අරමුණයි. රීස් ඩේවිඩ්ස් පඬිතුමා ඉදිරිපත් කළ මෙම ප්‍රකාශය අද දින ගරු සම්භාවනාවට භාජනය වන ජයසුමනාරාම විහාරාධිපති අමුගොඩ සෝමරතන නායක ස්ථවිරයන් වහන්සේත්, අමුගොඩ සෝමානන්ද නායක ස්ථවිරයන් වහන්සේත් සනාථ කොට ඇත.

උන්වහන්සේලා තම දායක කාරකාදීන්ගේ පමණක් නොව සකල ලෝක සත්වයාගේම හිත සුව පිණිස සිය කාර්ය භාරය මැනවින් ඉටු කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙනමක් බව ප්‍රකාශ කරන්නේ ඉමහත් දයාවෙනි. උන්වහන්සේලාට තව තවත් ලෝක ශාසනික සේවය සඳහා නිදුක් නිරෝගී සුව හා දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරමි.

එදා සියම් දේශය අද හඳුන්වන්නේ තායිලන්තය නමිනි. අපේ උපසම්පදාව සසුනින් මියැදී ගිය යුගයක යළි උපසම්පදා භික්ෂුන් වහන්සේ සියමෙන් වැඩමවා උපසම්පදාව ඇති කළ ආකාරය ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එදා සිට මෙදා දක්වා තායිලන්තය අපේ කල්‍යාණ මිත්‍ර රාජ්‍යයකි. ඒ සබැඳියාව තව තවත් ඔප් නංවමින් තායිලන්තයේ කැප්ටන් ප්‍රාමෝක් හා උබෝල් මැතිතුමා ඇතුළු පවුලේ ඥාතීන් අමුගොඩ ජයසුමනාරාමයට සීමා මන්දිරයක් ඉදිකොට එය සඟ සතුකොට පූජා කිරීම මම බෙහෙවින් අගය කරමි. කැප්ටන් ප්‍රාමෝ මැතිතුමා ප්‍රධාන පවුලේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.


තෙරුවන් බෙලෙන් දිගාසිරි

ශාසනභාරධාරී මහතෙරුන් වහන්සේලා එදත්, අදත් කවදත් සම්මා සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවුන් වහන්සේලා ලෙස ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළහ. උන්වහන්සේලා සතු ව්‍යක්ත, විශාරද, විනීත, හා බහුශ්‍රැත භාවය ශාසනික සේවාවන් සඳහා ඉමහත් සේ මහෝපකාරි විය. එදා බුදු සමයේ සිට මෙතෙක් ශාසනය සුරකිමින් පවත්වාගෙන එන ලද්දේ භික්ෂු - භික්ෂුනී උපාසක - උපාසිකා යන සතර කොට්ඨාශය විසිනි.

අද දින සම්භාවනාවට පාත්‍ර වන, අමුගොඩ ජයසුමනාරාම විහාරාධිපති, ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අමුගොඩ සෝමරතන නායක ස්ථවිරපාදයන් වහන්සේත්, විහාරාධිකාරි මෙන්ම, දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක, අමුගොඩ සෝමානන්ද නායක ස්ථවිරයන් වහන්සේත්, ඉහත සඳහන් කළ පරිදි සුපේසල ශික්ෂාකාමී මහ තෙරුවන් ලෙස සම්බුද්ධ ශාසනය පෝෂණය කළ අතර, උන්වහන්සේලාට තවදුරටත් ශාසනික මෙහෙවරෙහි යෙදෙන්නට තෙරුවන් බෙලෙන් දිගාසිරි ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

එමෙන්ම භික්ෂූන් වහන්සේලාගේ විනය කටයුතු සඳහා අත්‍යවශ්‍යව පැවති සීමා මාලකය තායිලන්ත සබඳතා ඇතිව ඉදිකොට විවෘත කිරීමද, පැසසිය යුතු කරුණකි. මීට දායකත්වය පුදකළ තායිලන්තයේ කැප්ටන් ප්‍රාමෝක් නා උබෝල් මැතිතුමා ප්‍රධාන පවුලේ ඥාතී හිතමිත්‍රාදීන්ට අප නිකායික භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරමි. මීට අත හිතදී ක්‍රියාකළ සතර පේරුවේ දායක පින්වතුන්ටත් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනය කරමි.


විහාරස්ථානය දීප්තිමත් භාවයට

දකුණු සිරිලක, ගාළු දිසාවේ, බෙන්තර වලල්ලාවිට කෝරළයේ, අමුගොඩ ජයසුමනාරාම පුරාණ විහාරය වසර 115 ක් පැරණි විහාරස්ථානයකි. කලක් සපරගමු අමරපුර නිකායේ’ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ මහානායක පදවිය දැරූ, ඕමත්තේ අභයතිස්ස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ උතුම් පින් බිම වූ ජයසුමනාරාමය ආරම්භ කළ හ. දකුණු පළාතේ බොහෝ ගිහි පැවිදි උතුමන්ගේ අති ගෞරවයට පාත්‍ර වූ ඕමත්තේ අභයතිස්ස මාහිමිපාණන් වහන්සේ ඇරඹූ විහාරස්ථාන අතර අමුගොඩ ජයසුමනාරාමය අද ඉතා දර්ශනීය හා ගෞරවනීය විහාරස්ථානයකි. අමුගොඩ සෝමරතනාභිධාන වර්තමාන විහාරාධිපති නාහිමියන්ගේ පාලන කාල පරාසය අමුගොඩ ජයසුමනාරාම මහා විහාරයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකිය. සෝමරතන නාහිමියෝ භෞතික සම්පත් හා මානව සම්පත් යන අංශ දෙකෙන් ම විහාරස්ථානය දීප්තිමත් භාවයවට පත්කොට ඇත.

ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක හිමි, කැලණි සරසවියේ කථිකාචාර්ය දර්ශනපති ඇත්කඳුරේ සුමනසාර හිමි, පිටිගල සෝමාලංකාර හිමි ආදි දැන උගත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අධ්‍යාපනයට, ශාසනයට ජාතියට විශාල මෙහෙවරක් සිදුකරන අතර, ජාත්‍යන්තර සම්බන්ධතා අනුව විදේශීය ධර්ම දූත කටයුතුවල නිරත වෙමින් ජාත්‍යන්තර සබඳතා අනුව ස්වකීය විහාරස්ථානයේ නව ඉදිකිරීම්වලට ආධාර උපකාර ලබා ගැනීමට සමත්ව ඇත.

වර්තමාන විහාරාධිපති නාහිමියන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබමින්, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අමුගොඩ සෝමානන්ද නාහිමියන් තායිලන්තය, බුරුමය, කොරියාව, ජපානය, ඉන්දුනීසියාව , ඕස්ට්‍රේලියාව ආදි රටවලින් පරිත්‍යාග කළ බුද්ධ ප්‍රතිමා හා පූජා භාණ්ඩ විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, එකී රටවල ධන පරිත්‍යාගය ලබාගෙන සංඝාවාසය අලුත්වැඩියාව, සීමා මාලකය ඉදි කිරීම, තෙමහල් ධර්ම ශාලාවක් ඉදි කිරීම ඇතුළු විශාල සංවර්ධනයක් ඇතිකර ඇත.

ඉපැරණි අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරයේ අභිවෘද්ධිය අප සැම දෙනාගේම සතුටට හේතුවන බව පවසමින් ඒ සඳහා අපගේ සුභාශිංසනය පළ කරමු.

එසේම වර්තමාන විහාරාධිපති අමුගොඩ සෝමරතන ගාළු දිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ මේ වන විට 84 වන ජන්ම දිනය සමරති. අපි උන්වහන්සේගේ අති උදාර ශාසනික හා ජාතික මෙහෙවර වඩාත් උසස් ලෙස සිදුකර ගැනීමට ශතවර්ෂාධිකව, නිදුක්ව නිරෝගීව සුවපත්ව විසීමට චිර ජීවනය සැලැසේවායි ඉත සිතින් පතමු.

දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අමුගොඩ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියේ හතළිස් හතර වසර පියමන් කිරීමද මේ කාලවකවාණුව තුළ ම සිදු වෙයි. එබැවින් සෝමානන්ද නාහිමියන් වහන්සේගේ දේශීය හා විදේශීය ශාසනික මෙහෙවර අධ්‍යාපන හා සමාජ මෙහෙවර වඩ වඩාත් දීප්තිමත් භාවයට පත්කර ගැනීමට ශක්තිය, ධෛර්යය, වාසනාව හා නිදුක් නිරෝගී භාවය ලැබේවායි ආසිරි පතමු.


සිදුකර ඇති ජාතික ආගමික හා සාමාජික සේවාවන් අති විශාලයි

ඇල්පිටිය, අමුගොඩ, ජයසුමනාරාම මහා විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක, ගෞරවාර්හ අමුගොඩ සෝමරතන නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා යටතේ ඉදිවූ සීමා මන්දිරය විවෘත කිරීම හා විහාරස්ථානයට වසර එකසිය පහළොවක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උළෙල වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව බලවත් සතුටට පත්වෙමි.

ශත වර්ෂයකට අධික කාලයක් තුළ මෙම පුණ්‍ය භූමිය මඟින් සිදුකර ඇති ජාතික ආගමික හා සාමාජික සේවාවන් අතිවිශාලය.

තායිලන්තය, බුරුමය , කොරියාව, ජපානය, චීනය, ඕස්ට්‍රේලියාව, ලාඕසය, කාම්බෝජය වැනි රටවල් සමග ජාත්‍යන්තර සබඳතා පවත්වමින් මේ වනවිට විහාරස්ථානය විශාල දියුණුවක් ලබා තිබීම සතුටට කරුණකි.

අතීතයේ සිටම විවිධ රටවල් සමඟ ජාත්‍යන්තර සබඳතා පවත්වා ගැනීම අප රට ලත් ජයග්‍රහණයකි.

ගෞරවාර්හ අමුගොඩ සෝමානන්ද නායක ස්වාමින් වහන්සේගේ හැකියාව හා දක්ෂතාවය නිසා විදේශ ජනතාව මෙම විහාරස්ථානය සංවර්ධනය කරලීම සඳහා අවශ්‍ය ආධාර හා උපකාර කිරීම විශේෂයෙන් අගය කරමි.

සීමා මන්දිරයේ සියලු කටයුතු ඉටු කරමින් මෙම පුණ්‍ය කටයුත්තට දායක වන තායිලන්තයේ කැප්ටන් ප්‍රාමෝක් නා උබෝල් මැතිතුමා ඇතුළු පවුලේ ඥාතීන් වෙත මගේ සුභාශිංසන පිරිනමන අතර මෙම උළෙල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


ලබා ඇති ප්‍රගතිය අතිවිශිෂ්ටය

අමුගොඩ, ජයසුමනාරාම විහාරස්ථානයේ දෙමහල් සීමා මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යොත්සවය වෙනුවෙන් සුබපැතුම් එක්කරනුයේ ඉමහත් බැතියෙනි.

වර්ෂ 1896 දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ, රත්නපුර පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඕමන්තේ අභයතිස්ස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ආරම්භ කරන ලද අමුගොඩ, ජයසුමනාරාම විහාරස්ථානය මේ වන විට ලබා ඇති ප්‍රගතිය අති විශිෂ්ටය.

ජාතික, ආගමික, ශාසනික කටයුතු වලදී මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද අමුගොඩ සෝමරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ භික්‍ෂූන් වහන්සේලා විසින් ලබාදෙන දායකත්වය ප්‍රශංසනීයය.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම සඳහා ඉවහල් වන විහාර අංගෝපාංග සපුරා ගැනීම වෙසෙසින්ම අවශ්‍ය බව මා විශ්වාස කරමි. විහාරාධිපති පූජ්‍යපාද අමුගොඩ සෝමරතන නායක හිමිපාණන් වහන්සේගේ මැදිහත් වීම මත තායිලන්තයේ කැප්ටන් ප්‍රමෝක් නාඋබෝල් මැතිතුමා ඇතුළු එම පවුලේ ඥාතීන් විසින් මෙම දෙමහල් සීමා මාලකය ඉදිකර ගැනීමට ලබාදුන් මූල්‍ය පරිත්‍යාගය මහානිසංස ගෙන දෙන උතුම් පුණ්‍ය ක්‍රියාවකි.

මෙම කර්තව්‍යයේ දී මූලිකව කටයුතු කරන අමුගොඩ, ජයසුමනාරාම විහාරාධිපති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද අමුගොඩ සෝමරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරස්ථ ස්වාමීන්වහන්සේලාටත්, ධන පරිත්‍යාග කළ සැමටත්, විහාරස්ථ දායක කාරකාදීන්ටත් මාගේ කෘතවේදීත්වය පිරිනමමි.


විහාරස්ථානයට නව පරිච්ඡේදයක්

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රත්නපුර පළාතේ ප්‍රධාන සංඝනායක ධූරීණ පදවිය හොබවමින් වැඩ වාසය කළ පරම පූජනීය ඕමත්තේ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කළ අමුගොඩ ජයසුමනාරාම පුරාණ විහාරය එම ප්‍රදේශයේ අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානයක් වැනිය. වසර එකසිය පහළොවක් තරම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ජයසුමනාරාම විහාරය බෙන්තර වලල්ලාවිට කෝරළයට පමණක් නොව ගාලු දිසාවටම ආලෝකයක් වූ විහාරස්ථානයක් වේ. මෙලෙස සසුන පොබ කළ උගත් වියත් ධර්මධර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා වැඩ විසූ ජයසුමනාරාම විහාරස්ථානයෙහි දක්‍ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක පරිවේණාධිපති පූජ්‍ය පාද අමුගොඩ සෝමානන්ද නායක හිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයට නව පරිච්ඡේදයක් එක් කර තිබීම පහන් සතුටක් දනවන කරුණකි.

උගත් වියත් සංඝ නේතෘ පරපුරකින් ශාසන පදවි ලද නාහිමිපාණන් වහන්සේ ප්‍රකට කවියෙකු මෙන්ම ලේඛකයෙකි. එමෙන්ම අධ්‍යාපනඥයෙකි. එලෙසම ථෙරවාදී බෞද්ධ රාජ්‍ය අතර මනා සම්බන්ධතාවයන් සහිත ජාත්‍යන්තරය පිළිබඳව වැටහීමක් සහිත නවීන නායක හිමිපාණන් වහන්සේ නමකි. මෙලෙසම බහුවිධ කුසලතා වලින් සපිරි පූජ්‍ය පාද අමුගොඩ සෝමානන්ද නාහිමිපාණන් වහන්සේ තම සසුන් පරපුරෙහි විහාරස්ථානය තුළ නවීන විහාරාංග ස්ථාපිත කරමින් ජයසුමනාරාම විහාරය මහා සංඝයාගේ ද බොදුනුවන්ගේ ද ඉමහත් භක්ති වන්දනාව මෙන්ම පොදු ජන යහපත සඳහා උචිත තත්ත්වයකට පත් කිරීම සතුට දනවන කරුණකි.

මෙලෙස තත් විහාරයන්හි නව විහාරාංග අතරට එක්වන දෙමහල් සීමා මන්දිරය විවෘත කොට සම්බුදු සසුනට පූජා කිරීම නිමිති කොට පැවැත්වෙන මහඟු පින්බර මංගල්‍යයට මාගේ සුබ පැතුම් එක්කරන අතර, රට දැය සසුන ප්‍රභාශ්වර කරමින් තව තවත් ලෝ සසුන් මෙහෙවරේ නිමග්නවන්නට පරම පූජනීය දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අමුගොඩ සෝමරතන නාහිමිපාණන්ට දිරිය ශක්තිය පතන අතර අමුගොඩ ජයසුමනාරාම විහාරස්ථාන දායක සභාවට ජයසුමනාරාමය සමඟ බැඳී ගිය බොදු දනන්ට ද මේ පුණ්‍යවන්ත මොහොතේ මාගේ සුභාශිංසන එක් කරමි.

වප් අව අටවක පෝය

වප් අවඅටවක පෝය ඔක්තෝබර් 19 වන දා බදාදා අපරභාග 08.55 ට ලබයි. 20 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 08.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 20 වනදා බ්‍රහස්පතින්දායි

මීළඟ පෝය ඔක්තෝබර් 26 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]