Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොත් වහන්සේ නිරාවරණය 30 වන දා

බොල්ලෑගල මානෙල් වත්ත ශ්‍රී සිරිනන්ද විහාරයේ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවය ඔක්තෝබර් 30 වන දා උදෑසන සිදුකිරීමට නියමිතය. එම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඒ.පී. දයානන්ද මහතාට පින් පිණිස ඔහුගේ භාර්යාව වන සඳමාලි මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කරනු ලැබිණ. විහාරාධිපති රත්නපුරේ නාගිත හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව කුලගන සමිතිය හා ප්‍රදේශවාසීන් එක්ව එම පින්කම සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.