Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අටවිසි බුද්ධෝපස්ථාන පින්කමක් හා සෙත්පැතීමක්

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවය තේමා කරගෙන කුරුණෑගල, යග්ගපිටිය ශ්‍රී සම්බෝධි මහ විහාරස්ථානයේ අටවිසි බුද්ධෝපස්ථාන මහා පින්කමක් මේ දින වල පැවැත්වේ. එම විහාරස්ථානයේ නිර්මාතෘ හා තත් විහාරාධිපති ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත, වැලිවෙහෙර ඤාණින්ද මා හිමියන්ගේ සංකල්පයකට අනුව විහාරස්ථ දායක සභාව, කාන්තා සංවිධානය, දහම් පාසලේ දෙමාපිය සංවිධානය සහ තරුණ බෞද්ධ සංවිධානයේ සංවිධායකත්වයෙන් එම පින්කම සිදුකෙරේ.

1987 මැයි මස 13 වැනි දින ආරම්භ කරන ලද ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට 2012 මැයි මස 13 වැනි දිනට වසර 25 ක් සම්පූර්ණ වීමත් එහි නිර්මාතෘ හා විහාරාධිපති නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනයත් පැවිදි බිමට පත්ව වසර 65 ක් සම්පූර්ණ වීමත් වෙනුවෙන් උන්වහන්සේට සෙත් පැතීමත්, පරලොව සැපත් සියලු දායක කාරකාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, මව් බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ සියලු ආරක්ෂක අංශයන්හි විරුවන්ට පුණ්‍යානුමෝදනාව කිරීමත් පින්කමේ තවත් අරමුණක්ද වේ.

එම පින්කම පසුගිය ඇසළ පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වූ අතර වප් පුර පසළොස්වක පොහෝ දින දක්වා දින පතා අලුයම 5 හේ සිට රාත්‍රි 7.30 දක්වා පැවැත්වේ.

අලුයම 5.00 ට පැන් සහ දැහැටි පුජා කිරීම අලුයම 6.00 කැඳ දානය පූජා කිරීමඋදෑසන 7.00 ට කිරි ආහාර පූජාවඋදෑසන 9.30 ට ගිලන්පස පූජා කිරීම 10.30 ට දහවල් බුද්ධ පූජාව පූජා කිරීම සවස 3.00 ට ගිලන්පස පූජා කිරීමසවස 5.00 – රාත්‍රි 7.30 දක්වා ධර්ම දේශනාව මල් පහන් ගිලන් පස පූජාව හා සෙත් පිරිත් දේශනයද පැවැත්වේ.

මීට සමගාමීව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන දෙතිස් රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදිකිරීමට පසුගිය දුරුතු පුර පසළොස්වක පොහෝ දින මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කොට ආරම්භ කරන ලද මන්දිරයේ වැඩකටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වී අතර වාර්ෂික පිරිත් පින්කම හා කඨිණ පුණ්‍ය මහෝත්සවය සිදුකෙරෙන නොවැම්බර් 06 වෙනි දින ප්‍රතිමා වහන්සේ සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කෙරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.