Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලිගම ඤාණරතන මහ නා හිමියන්ගේ 99 වන ජන්ම දිනය සමරා පින්කම්

රත්මලාන මල්ලිකාරාමාධිපති අමරපුර ධර්මරක්‍ෂිත නිකායේ මහානායක රාජකීය පණ්ඩිත විනය විශාරද ධර්ම කීර්ති ශ්‍රී සුමංගල විද්‍යාවතංස අග්ගමහා පණ්ඩිත වැලිගම ශ්‍රී ඤාණරතන මහ නා හිමියන්ගේ 99 වන ජන්ම දිනය ඔක්තෝබර් මස 14 වන දිනට යෙදී ඇත. ඒ නිමිත්තෙන් එදින රත්මලාන මල්ලිකාරාමයේ දී ශතාධික සාංඝික දානමය පින්කමක් පැවැත්වීමට ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති මාකලුගොඩ ඤාණමෝලි හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා හා දායක දායිකාවන් සංවිධානය කොට ඇත. ඊට සමගාමීව මහ නා හිමියන්ට ආශිර්වාද පිණිස සර්ව රාත්‍රික පිරිත් පින්කමක් එදිනම පන්නිපිටිය සෝම සදහම් සෙවනේ සිදුකිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දර්ශනපති රාජකීය පණ්ඩිත වලපනේ ඤාණසේන හිමියන් සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.