Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර බෞද්ධ මණ්ඩලයේ ක්‍ෂීරපායාස බුද්ධ පූජාව

අනුරාධපුර බෞද්ධ මණ්ඩලය මෙහෙයවන වාර්ෂික වස් පින්කම මාලාවේ ක්‍ෂීරපායාස බුද්ධ පූජාව මෙවරද මෙම 12 වෙනි දින අලුයම ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී පැවැත්වේ. ඒ අනුව ඊට පෙරදින සවස බෞද්ධ මණ්ඩල පරිශ්‍රය වෙත රැගෙන එන කිරි එළදෙනුන් සුවඳ පැනින් නහවා විලඳ ඔලිඳ වැල් සහ වැල්මි වැල් මී පැණියෙන් අනා කවා පසුදා අලුයම දොවා ගන්නා ලද නැවුම් එළකිරි, විශේෂ මණ්ඩපයක් වෙත ගෙන එනු ලබයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.