Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඨින පින්කම්

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කම

මහනුවර ශ්‍රී‍්‍ර දළදා මාලිගාවේ කඨින පුණ්‍යෝත්සවය ඔක්තෝම්බර් 14,15 දිනයන්හි පැවැත්වේ. මහනුවර කටුකැලේ ලේඩිබෙලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල් මෑණියන්ගේ මූලිකත්වයෙන් සිදුකරන මෙවර කඨින පින්කමේ දායකත්වය චන්ද්‍ර ජයරත්න මහතා සහ සුනේත්‍රා ජයරත්න මහත්මියයි. 14 වෙනිදා ශ්‍රී දළදා මාලිගාවේදී පවත්වනු ලබන සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාවකි. 14 වනදා රාජගිරිය සිට රථ පෙරහරකින් වැඩමවාගෙන එනු ලබන කඨින චීවරය 15 වනදා පාන්දර කටුකැලේ ආරාමයේ සිට අලි ඇතුන් සහිත මහ පෙරහරකින් මාලිගාවට වැඩමවාගෙන යනු ඇත. 14 සවස දළදා සමිදු උදෙසා ගිලන් පස පූජාවකි. 15 වෙනිදා අලුයම බුද්ධ පූජාවට අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි පිරිනමන හීල්දානයෙන් අනතුරුව දවල් දළදා සමිඳු උදෙසා මුල්තැන් බුද්ධ පූජාව පවත්වා දවල් මල්වතු අස්ගිරි මහනාහිමිවරු සහ අනුනා හිමිවරු ප්‍රධාන ශතාධික මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාවකි. අනතුරුව කඨානානිශංස ධර්ම දේශනාවක් සමග මහා කප්රුක් පූජාවකි.


මල්වතු මහා විහාරය

මහනුවර මල්වතු මහා විහාරයීය සංඝරාජ ගුණනුස්මරණ සමිතියේ සහ කාන්තා සමිතියේ මූලිකත්වයෙන් හා එහි අනුශාසක මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මල්වතු මහා විහාරයේ මෙවර කඨින පින්කම් ඔක්තෝම්බර් 30 වෙනිදා පැවැත්වේ. සිරිත් පරිදි මල්වතු මහා විහාරයටත් පෝය මලුව විහාරයටත් අතිගරු මහ නාහිමි නිල ආරාමයටත් කඨින චීවර තුනක් පූජා කිරීම්ද සිදු කෙරේ. මෙවර කඨින පින්කමේ දායකත්ය දරන ජෝර්ජ් හේමචන්ද්‍ර මහතාගේ නිවසේ සහ හීරැස්සගල ඩී.ඒ. සේමසිංහ මහතාගේ නිවසේ සිට කඨින දෙකක්ද, මහමායා බාලිකා විදුහලේ සිට කඨින චීවරයක්ද 30 වෙනිදා පාන්දර වැඩම කරනු ඇත.

මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මල්වතු මහා විහාරයේ මෙවර පවත්වනු ලබන්නේ 68 වෙනි කඨින පින්කම් පූජෝත්සවයයි.


අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරය

මහනුවර අස්ගිරිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ කඨිනචීවර පින්කම් ඔක්තෝම්බර් 16 , 17 දින වල පැවැත්වේ. ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ අභිනව ධර්ම ශාලා මන්දිරය ඔක්තෝම්බර් 09 වෙනි දින සවස 3.00 අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් විසින් විවෘත කිරීමත් සමගම කඨින පින්කමට සමගාමීව සතියක් තිස්සේ පැවැත්වෙන ආගමික වැඩසටහන මෙසේය. වප් පෝදා දවස පුරා උදේ 6.00 සිට ශීල භාවනා පින්කම 12 දා සවස 6.00 ට කාව්‍යමය ධර්ම දේශනාව , 13 දා සවස 6.00 ට ධර්ම දේශනාව , 14 වෙනිදා සවස 6.00 අටවිසි මහා බුද්ධ පූජාව, 15 වෙනිදා සවස 7.00 සිට 9.00 දක්වා පරිත්‍රාන ධර්ම දේශනාව 16 වෙනිදා අලුයම 4.00 ට කඨින චීවර පෙරහර දායකත්වය ධම්ම සිද්ධි මාවතේ දායකයින් 17 දා දවල් අස්ගිරි මහනාහිමි, අනුනාහිමි ප්‍රධාන මහා සංඝරත්නය 30 නමක් විෂයෙහි පිරිනැමෙන සපිරිකර සංඝගත දක්‍ෂිණාව දහවල් 12.30 ට කඨින චීවර පූජාව සහ කඨිනානිශංස ධර්ම දේශනාව.


දිවියාගල ආරණ්‍ය සේනාසනය

කොස්ගොඩ දිවියාගල ආරණ්‍ය සේනාසනයේ, ත්‍රිපිටකාචාර්ය අහුන්ගල්ලේ සුමේධානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවර වස් පින්කම ඔක්තෝබර් මස 12 දින පැවැත්වේ. උතුරු ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා සහ එම මැතිනියගේ වස් ආරාධනාවෙන් ඇරැඹි එම පින්කම අභිනව දෙමහල් පුස්තකාලය සහ දානශාලාවේ පනස් නමක් විෂයෙහි පිරිනමන සපිරිකර දානමය පින්කමෙන් නිමාවේ.


පි‍්‍රමිරෝස් උයන වජිරාරාමය

මහනුවර පි‍්‍රමිරෝස් උයන වජිරාරාමයේ වාර්ෂික කඨින මහා පුණ්‍යෙීත්සවය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ හා තිරිකුණාමලේ ආනන්ද අනුනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 14, 15 දෙදින පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඔක්තෝබර් 14 දින රාත්‍රි 08.30 ට සර්ව රාත්‍රික පිරිත් දේශනාව 15 වැනි සෙනසුරාදා දින උදෑසන 05.00 ට කඨින චීවරය වැඩමවීම (පි‍්‍රමිරෝස් උයන ටෙලිකොම් කුළුණ අසළ අංක 111) දරන නිවසේ සිට එදින දවල් කඨින චීවර පූජාව හා සඟසතු මහා දානය පැවැත්වේ.

එම පින්කම වජිරාරාමාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අකුරම්බොඩ ධම්මවිලාස හිමියන්ගේ අනුශාසනා පරිදි වජිරාරාමස්ථ ශාසන සේවක සාසන සේවිකා සමිතිවල පූර්ණ දායකත්වයෙන් පැවැත්වේ.


දෙමටගොඩ මල්ලිකාරාමය

කොළඹ 09 දෙමටගොඩ මල්ලිකාරාමයේ කඨින පින්කම මෙම 14,15 දෙදින පැවැත්වේ.

14 වනදා සවස 6.30 ගිලන්පස බුද්ධපූජාව පැවැත්වෙන අතර අනතුරුව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව ආරම්භ කැරේ.15 වනදා අලුයම 4.30 කඨින චීවර පූජා පෙරහර සංඝමිත්තා සිල් මෑණියන්ගේ ආරාමයෙන් ඇරැඹේ. උදෑසන 6 ට කඨින චීවර පූජාවද අනතුරුව බුද්ධ පූජාව සහ සංඝගත දක්‍ෂිණාව පැවැත්වේ. 15 වනදා සවස 6.30 ගිලන්පස බුද්ධ පූජාවෙන් අනතුරුව කඨිණානිශංස ධර්ම දේශනාව බොරලන්කඩ විමලතිස්ස හිමියන් විසින් පවත්වනු ලැබේ.

විහාරස්ථ සියලු දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම පින්කමෙහි මෙවර ප්‍රධාන දායකත්වය කොළඹ 10, මරදාන පොලිස් නිවාස අංක ජී 07 නිවසේ පදිංචි කරුණා වැලිමිටිගොඩ මහත්මිය සහ පොලිස් පරීක්‍ෂක එච්.ආර්. එම්. හේමචන්ද්‍ර මහතා සහ එම මහත්මිය දරනු ලැබේ.


පිටුම්පේ පූර්වාරාමය

පාදුක්ක පිටුම්පේ ශ්‍රී පූර්වාරාමයේ කඨින පින්කම් මාලාවට සමගාමීව , අටවිසි බුද්ධ පූජාව, දරුවන් පැවිදි කිරීම, බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන්වැට නිරාවරණය කිරීම ඇතුළු පින්කම් රැසක් ඔක්තෝබර් 18 දින සිට 23 දින දක්වා පැවැත්වේ.


මාගම්මන පුරාණ විහාරය

හෝමාගම මාගම්මන පුරාණ මහා විහාරස්ථානයේ කඨින පින්කම ඔක්තෝබර් මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වේ. 11 වැනිදා ධර්ම දේශනය පොහොද්දරමුල්ලේ දීපංකර නාහිමි, 12 වැනිදා පස්වරු 6 ට අටවිසි බෝධි පූජාව රාත්‍රි 7 ට ධර්ම දේශනය වල්පොල ගෝතම හිමි, 13 වැනිදා ධර්ම දේශනය බොරැල්ලේ අතුල නාහිමි, 14 වැනිදා පස්වරු 6 ට අටවිසි බෝධි පූජාව රාත්‍රී 7 ට ධර්ම දේශනය මාලඹේ මධුරසිරි නා හිමි යන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා පවත්වන අතර 14 වැනිදා රාත්‍රී කඨින පෙරහර වීදි සංචාරය කරනු ලැබේ. 15 වැනිදා දවල් 50 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පැවැත්වේ.


සංකල්ප විහාරය

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම සහ ඊට සමගාමීව පැවැත්වෙන වස්සාන ධර්මදේශනා මාලාව විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මෙවරද පැවැත්වේ. ඔක්තෝබර් 21 දින සියයක පින්කම් මාලාවේ 100 වෙනි පින්කම රාත්‍රී 07.00 ට පැවැත්වේ.


ගලවිලවත්ත

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින පුණෝත්සවය මෙම මස 11 දින සිට 16 දින දක්වා විහාරාධිපති, ශාස්ත්‍රපති, රත්මලානේ සුජාත නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගලවිලවත්ත මුණසිංහ මාවතේ පදිංචි ආර්.පී. සිරිසේන මහතා හා සුමනා රාජපක්‍ෂ මහත්මියගේ ප්‍රධාන දායකත්වයෙන් සිදු කෙරේ. 11 වෙනි දින විශේෂ සත්බුදු පූජාව ආචාර්ය පී‍්‍රති කුලතුංග මහතා, 12 වෙනි දින ධර්මදේශනය තලගල සුමනරතන නාහිමියන් විසින් ද, 13 වෙනි දින මහාචාර්ය උතුරාවල ධම්මරතන මාහිමියන් විසින් ද, 14 වෙනි දින කිරිඔරුවේ ධම්මානන්ද නාහිමියන් විසින් ද, 15 වෙනි දින බෙරගම අමිත නාහිමියන් විසින් ද දම්දෙසුම් පවත්වන අතර 16 වෙනි දින අලුයම කඨින පෙරහර සහ සඟසතු දානමය පින්කම පැවැත්වේ.


සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය

කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පූජා මහෝත්සවය ඔක්තෝබර් මස 11 වන දා සිට 15 වන දා දක්වා පැවැත්වේ. මෙවර පින්කමේ දායකත්වය කොළඹ 5, ඇල්විටිගල මාවතේ පදිංචි බන්දුල ජයතිලක මහතා සහ අසෝකා මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ඔක්තෝබර් 11 වනදා සිට 15 වන දා දක්වා සෑම දිනකම සවස 06.00 ට බෝධි පූජා පැවැත්වෙන අතර 15 වන දා රාත්‍රී 09.30 ට සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ආරම්භ කෙරේ. එදින විදුලි ආලෝකය විවෘත කිරීම විශේෂඥ වෛද්‍ය රෝහණ හත්තොටුව මහතා සහ චන්ද්‍රිකා හත්තොටුව මහත්මියත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ විධායක ඉංජිනේරු සරත් විතාන මහතා සහ ජයන්ති විතාන මහත්මිය අතින් සිදු කෙරේ. කල්ප වෘක්‍ෂය විවෘත කිරීම විශේෂඥ වෛද්‍ය ඩී.ඩබ්ලිව්. වීරසූරිය මහතා සහ සාමවිනිසුරු දේශමාන්‍ය එල්.එච්. පියසේන මහතා විසින් සිදුකෙරේ. ඔක්තෝම්බර් 15 වන සෙනසුරාදා අලුයම 05.00 ට කඨින චීවර රැගත් පෙරහර කොළඹ 5, ඇල්විටිගල මාවතේ, සර් ඔලිවර් ගුණතිලක උද්‍යානයේ අංක 651/27 දරන බන්දුල ජයතිලක මහතාගේ නිවසින් පිටත් වේ. කඨින චීවරය සඟසතු කිරීම සහ මහා දානය මෙදින උදේ 07.00 ට සිදු කිරීමට නියමිතය.


අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානය

කොළඹ 07, බෞද්ධාලෝක මාවත අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම මෙම මස 11, 12 යන දෙදින තුළ බොරැල්ලේ අතුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ. 11 වන දා පිරිත් ධර්මදේශනාවක්, 12 වන දා අර්ධ ශතාධික මහා සඟරුවන විෂයෙහි හීල් දානය හා කඨින චීවර පූජාව පැවැත්වීමට නියමිතය. මෙවර කඨින මහ පින්කමෙහි ප්‍රධාන දායකත්වය උසුලනු ලබන්නේ නිරූපා විලියන් මහත්මිය ඇතුළු පවුලේ සැමවිසිනි. කඨින චීවරය රැගත් පෙරහර අලුයම 05.00 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රය අබියසින් පිටත් වේ. උදෑසන 06.00 ට කඨින චීවරය, කප්රුක් පූජාව හා හීල් දානය සඟසතු කොට පූජා කරනු ලැබේ. විනීතා කොඩිතුවක්කු


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.