Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

අනුරාධපුර මහා විහාරය

2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ මහාවිහාර වප් පුන් පොහොය වැඩසටහන පොහෝ දින පෙරවරු 06.00 සිට පසු දින පෙරවරු 06.00 තෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

පුන් පොහෝ දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයට පෙහෙවස් සමාදන් වීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජය සිරි මහ බෝ සමිඳුන් සෙවණේ දී පැවැත්වෙන විධිමත් පුන් පොහොය වැඩසටහන් මාලාවේ 34 වැනි පුන් පොහොය වැඩසටහන මෙය වේ.

වප් පුන් පොහෝ දින පෙරවරු 08.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය පැවැත්වේ.

මහාවිහාර පුන් පොහොය වැඩසටහන මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළක් මෙදින ඇරැඹේ. මෙහි දී අනුරාධපුර පිරිවෙණක පුස්තකාලයක් සඳහා රුපියල් පන්දහසක් වටිනා පුස්තකාල පොත් පිරිනමනු ලැබේ. මේ සඳහා මහාවිහාර පුන් පොහොය වැඩසටහනට සහභාගී වන උවසු උවැසියන් සහ කොරතොට අරුණාරාමයේ භාවනා වැඩසටහනට සහභාගි වන සිල් මාතාවන් හා භාවනායෝගීහු අනුග්‍රහය දක්වති.

මෙම වප් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ. පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.


මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන් විහාරය

දෙදහස් හයසිය සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් වප් පුන් පොහෝ දින පවත්වන අටවිසි බුද්ධ පූජා පින්කම, කොළඹ මාලිගාකන්ද, විද්‍යෝදය පරිවෙන් විහාරස්ථානයේ දී පෝ දින පස්වරු 06.30 ට ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ සිංහල, බෞද්ධ අධ්‍යාපනය මෙන්ම පෙරඅපර දෙදිග භාෂා ශාස්ත්‍ර දැනුම නගා සිටුවමින් උසස් සේවයක් සිදුකළා වූ අතිගරු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පැවිදි උතුමන් වහන්සේලා, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ප්‍රධාන ගිහි පින්වතුන් හා ගුරුදෙගුරුන් සිහිපත් කර පුණ්‍යානුමෝදනා කිරීම පිණිස අටවිසි බුද්ධ පූජා පින්කම පැවැත්වේ.

විද්‍යෝදය පරිවේණාධිපති, ත්‍රිපිටක වාගීස්වරාචාර්ය උපාධ්‍යාය රාජකීය පණ්ඩිත බලංගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ නන්ද විමලතිස්ස ස්වාමීන්වහන්සේ පින්කම මෙහෙය වන අතර ශ්‍රී සම්බුද්ධ පූජා, සමිතියේ සංවිධානයෙන් එහි ප්‍රධාන සාමාජික පරලෝ සැපත්, විජේරත්න මහත්මියගේ දූ දරු පිරිසගේ ප්‍රධානත්වයෙන් පින්කම සිදු කරනු ලැබේ. ශීල සමාදානය මෙදින සිදු වේ.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10 , කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහා විහාරස්ථානයේ වප් පුර පසළොස්වක පොහෝදා, ශීල,භාවනා , ධර්ම දේශනා, මාලාවක් සල්පිටි හේවාගම් දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරි මහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 06.00 – 06.30 උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 07.00 –07.30 සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 08.00 – 09.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි , 09.15 – 10.15 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත සුමනසාර හිමි, 10.15 – 11.00 සම්බුද්ධ පූජාව තලල්ලේ සිරි මහින්ද නාහිමි, 12.30 – 12.45 ට සෙත් පිරිත් සජ්ඣායනාව විමලදාස පෙරේරා උපාසක මහතාගේ ප්‍රධානත්වයෙන් 01.00 –02.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ, සිරිමහින්ද නාහිමිගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 02.15 – 03.00 භාවනා වැඩසටහන, තලල්ලේ සිරිමහින්ද නාහිමි 03.15 – 04.15 ධර්ම දේශනය යටිහලගල විජිතරතනහිමි, 4.30 – 5.30 ධර්ම දේශනය ජයශේඛරාරාමවාසි ගැට්ටුවානේ සුමේධ හිමි, 06.00 සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 06.45 – 07.45 මල්, පහන්, ගිලන්පස, සහිත සම්බුද්ධ පූජාව රාත්‍රී 7.45 සිට 8.45 දක්වා ධර්ම දේශනාව .


කතරගම කිරිවෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහ විහාරස්ථානයේදී වප්පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම මල් පහන්, ගිලන්පස, කිරි ආහාර පූජාව, හේවිසි ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ්වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන, චෛත්‍යය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව සිරි ගෞතම ශාසන ශීල භාවනා පින්කම් සංවිධානයේ නිර්මාතෘ වෙහෙරයායේ සුධම්ම හිමියන් විසින් අටවිසි බෝ මලුවේදී පැවැත්වේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථනායේ සිට අෂ්ඨඵල බෝධීන්වහන්සේ වෙතට ගොස් මල්පහන් පූජාකර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නහවා බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදුකර ශ්‍රී ලංකාවාසී සැමට සෙත්පැතීම සිදුකෙරේ.

රාත්‍රී 7.00 කිරිවෙහෙර අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල්පහන් පූජාකර බෝධීපූජාව පැවැත්වේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ. කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ දී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් වප් පෝදා පැවැත්වෙන පින්කම මෙසේ ය. පෝදා පෙරවරු, 06.00 – 07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත ලග්ගල අසම හිමි, 08.00 – 09.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව උඩුගල්මොටේ සිරිවිමල නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව කනක්කෙ ධම්මික හිමි, පදවියේ මෙත්තාරාම හිමි, පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ උඩුදෙණියේ විමලවංශ හිමි බංගලාදේශයේ සුමනවංශ හිමි, 01.00 – 02.00 ධර්ම සාකච්ඡාව, ගල්කිස්සේ සෝමානන්ද හිමි, 02.00 – 03.00 ධර්ම දේශනාව - කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය තුම්බෝවිල ධම්මරතන නාහිමි, විශේෂ අනුශාසනාව, රත්මලාන මල්ලිකාරාමාධිපති අතිපූජ්‍ය වැලිගම ඥානරතන මහ නා හිමි, 04. 00 - 05.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම නාහිමි, 05.00 – 06.00 ධම්ම පදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00 – 06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමණසිරි හිමි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

කොළඹ බොරැල්ලේ ශ්‍රී ගෝතමි විහාරස්ථානයේ දී විහාරාරක්‍ෂ දායක සභාවේ සහ ආර්ය මහිලා සමිතියේ සංවිධායකත්වයෙන් පෝදා දවස පුරා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.පෙරවරු 6.00 සීල සමාදානය හා අනුශාසනාව ශාස්ත්‍රවේදී කටගහපියදස්සි හිමි . 6.30 සම්බුද්ධ පූජාව 8.15 භාවනාව මෙහෙයවීම ආටිගල අමිතදේව හිමි . 9.15 බුදුසරණ පුවත්පත බෙදාදීම අනුග්‍රහය හසිත දියබලනගේ තිලංක දියබලනගේ දෙසොහොයුරන් .10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත මරදන්කඩුවල සෝභිත හිමි. 11.30 සම්බුද්ධ පූජාව පස්වරු 1.30 ධර්ම දේශනාව පණ්ඩිත සුමංගල හිමි. 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාවණාගොඩ ඤාණරතන හිමි . 4.30 ධම්මපදය ඇසුරෙන් දේශනය ශාස්ත්‍රපති වෙරළුගොල්ලේ උදයනන්ද හිමි. සිල්පවාරණය හා අටවිසි බුද්ධ පූජාව ඤාණක්කුලමේ ධම්මපාල හිමි . සිකුරාදා , ඉරිදා, සඳුදා, බදාදා දිනයන්හි තෙල්වත්තේ නාගිත ස්වාමින්වහන්සේ විසින් සැමට සෙත්පතා පස්වරු 6.00 සෙත් පිරිත් සජ්ඣායනාව පැවැත්වේ.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී වප් පුර පෝදා දවස පුරා ආගමික වැඩසටහන් රැසක් පැවැත්වේ. පෝදා පෙරවරු 6.30-7.30 සීල සමාදානය, තෙරුවන් වන්දනාව මෙහෙයවීම ගැටඅරළුවේ විපුලධම්ම හිමි 8-9.45 දහම් දෙසුම පාදුක්කේ සද්ධාධජ හිමි 10 –11 දහම් දෙසුම කළුතර වනරතන හිමි . 11.15 අභයදාන පින්කම විදුරුපොල ආනන්ද හිමි . පස්වරු 1 –2.15 දහම් දෙසුම මාලිම්බඩ පඤ්ඤාසාර හිමි. 2.30 –4.30 දේශනය පණ්ඩිත ශේන් බ්ලොක් මහතා . 4.45 –6 දහම් දෙසුම පිටිගල ධම්ම් විජිත හිමි . 6.45 –7 පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධිපූජාව (පටිගත කළ එකකි) .7- 8.30 බෞද්ධ දර්ශන එළිදැක්වීම.


බම්බලපිටියේ - වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේදී වප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. පෝදා පෙරවරු 6 –7.15 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද අනු නා හිමි, 8 –9 දහම් දෙසුම ඕමාරේ සෝමිස්සර හිමි. 9 –9.30 අනුශාසනාව අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහ නා හිමි. 11 භාවනාව සහ අනුශාසනාව ගම්පහ පාසාදිත හිමි. 11- 11.15 බුද්ධ පූජාව පැරකුම්පුර විශාරද හිමි. පස්වරු 12.30 –1.15 සෙත්පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය කඹුරුගමුවේ මහානාග හිමි. 1.15 –2.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම උග්ගොඩ ධම්මගරු හිමි. 3.15 –4.15 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි. 4.15- 5.15 ගිහි දෙසුම ආචාර්ය රවි කොග්ගල මහතා . 5.15 – 6.15 ධර්ම දේශනාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි. 6.15 අටවිසි බුද්ධ පූජාව.


කොළඹ හුණුපිටිය ගංගාරාමය

ගංගාරාම මහා විහාරස්ථානයේ වප් පොහෝ දින සීල සමාදාන වැඩසටහන මෙසේ ය. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි, කොළඹ ආනන්ද විදුහලේ 2009 වසරේ හොඳම ශිෂ්‍ය නායක පදවියෙන් පිදුම් ලද, නවින් රන්දුල වනිගසිංහ තරුණ මහතා 2010.10.06 දින සිදු වූ හදිසි අනතුරකින් අභවප්‍රාප්ත වී ඇති අතර, එම තරුණ මහතාගේ අභාවයෙන් වසරක් පිරෙන දින ඒ මහතාට පින් පැමිණවීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලයේ 2008 කණ්ඩායම හා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ 2 වසර සිසුන් විසින් 2011.10.11 වන වප් පොහොය දින මෙම විහාරස්ථානයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඊට සමගාමීව පෝදා පෙරවරු 06.30 – 07.00 අෂ්ටාංග සීලයෙහි පිහිටුවීම හා අනුශාසනය ගංගාරම විහාරාධිපති ආචාර්ය ගලබොඩ සිරි ඤාණිස්සර නාහිමි, 07.00 – 07.30 ශ්‍රී සම්බුද්ධ පූජාව ගංගාරාම විහාරවාසී මල්දෙනියේ චන්දාලෝක හිමි, 08.30 – 09.30 ධර්ම දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයනාංශයේ ඡ්‍යොෂ්ඨ කථිකාචාර්ය, ලුනාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති, අගලකඩ සිරිසුමන හිමි, 10.00 – 11.00 ධර්ම දේශනය පන්නිපිටිය ශ්‍රී දෙව්රම් විහාරාධිපති, කොළොන්නාවේ සිරිසුමංගල නා හිමි, 11.15 – 11.45 ශ්‍රී සම්බුද්ධ පූජාව ගංගාරාම විහාරවාසී වැල්ලවායේ ධම්මසිරි හිමි, පස්වරු 01.00 – 03.00 ධර්ම සාකච්ඡාව මහර, කඩවත ශ්‍රී නාගවිහාරාධිපති, මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි, හෝමාගම ආර්යනිකේතනාරාමාධිපති, මාවරලේ භද්දිය හිමි, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්දන ජයරත්න මහතා, 03.15 – 04.15 ධර්ම දේශනය කොළඹ 07 බෞද්ධ ලෝක මාවත නාරද මන්දිරයේ ධම්ම දීප පදනමේ අනුශාසක, තලල්ලේ චන්දකිත්ති හිමි, 04.30 – 05.30 ධර්ම දේශනය පැපිලියාන සුනේත්‍රා මහා දේවි පරිවේනාධිපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඡ්‍යොෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 05.30 – 06.15 අටවිසි බෝධි වන්දනාව මල්දෙනියේ චන්දාලෝක හිමි.


වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරයේ වප් පුර පොහෝ දින දවස පුරා පැවැත්වෙන ශීල සමාදානය මහරගම මහින්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ. පෝදා පෙරවරු 06.00 – 07.00 ශීල සමාදානය අනුශාසනාව හා භාවනාව මෙහෙයවීම මහරගම මහින්ද නාහිමි 07.00 – 08.00 උදේ ආහාර බුද්ධ පූජාව 08.00 – 09.00 ධර්මදේශනාව කඩහීන්ගල හේමසිරි හිමි, 09.00 – 10.00 ධර්ම දේශනාව තල්පිටියේ කෝලිතවංශ හිමි, 10.00 – 11.00 ආරාධිත දේශනය මහාචාර්ය ඔලිවර් අබේනායක මහතා 11.00 – 12.00 බුද්ධ පූජාව පස්වරු 12.00 – 01.00 විවේක කාලය සහ පිරිත් දේශනාව 01.00 – 02.30 භාවනා මෙහෙයවීම ගාමිණී පි‍්‍රයන්ත මහතා 03.00 – 04.00 කාව්‍යමය ධර්ම දේශනාව ගාල්ලේ අතුලනන්ද හිමි, 04.00 – 05.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති එලමල්දෙනියේ සාරානන්ද හිමි, 05.30 – 6 ගිලන්පස බුද්ධ පූජාව සහ සිල් පවාරණය මහරගම මහින්ද හිමි.


තලවතුගොඩ - සංඝමිත්තාරාමය

තලවතුගොඩ , වැලිපාර, සංඝමිත්තාරාමයේදී වප් පුන් පොහෝ දින අලුයම 5.30 ට විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක් පවත්වනු ලබන අතර, පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. පෙරවරු 8.00 සිට 9.00 මිදේරිපිටියේ තපස්සි හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක්ද 9.15 සිට 11.00 පිළියන්දල සංඛපාලි දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනක්ද 11.00 දවල් බුද්ධ පූජාවෙන් අනතුරුව පස්වරු 12.30 සිට 1.00 ධම්මචක්කපවත්තන සූත්‍ර සජ්ඣායනය පැවැත්වේ. 1.00 සිට 2.15 වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා විසින් මෙහෙයවන ධර්ම සාකච්ඡාව හා භාවනා වැඩසටහනක්ද 2.30 සිට 3.30 පන්නිපිටියේ ආසංසා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනකින්ද 3.30 සිට 4.30 කෑගල්ලේ විමංසා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහනකින්ද තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදුකෙරේ. සවස 6.00 මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් විසින් පවත්වනු ලැබේ.


රන්මුතුගල

රන්මුතුගල ශ්‍රී පුණ්‍යාලංකාර පුරාණ විහාරයේ වප් පුර පසළොස්වක පෝය දින ආගමිකවැඩසටහන් පැවැත්වේ


සපුගස්තැන්න

අත්තනගල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයිති සපුගස්තැන්න සම්බුද්ධ ජයන්ති බුද්ධ මන්දිරයෙහිදී වප් පුර පසළොස්වක පොහොය දින ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට එක්සත් බෞද්ධ සමිතියේ සංවිධායක කමිටුව තීරණය කර ඇත. ශාස්ත්‍රවේදී යටවක සුමන හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පින්කම් පැවැත්වේ.


කලල්ගොඩ

කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනයේ දී වප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. පෙරවරු 6.30 - සීල සමාදානය , සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, 08.15 ධර්ම දේශනය රන්සෑගොඩ සුමිත්ත හිමි, 9.30 භාවනාව මෙහෙයවීම බියගම සුසීල හිමි, 10.30 ධර්ම දේශනය ශාස්ත්‍රපති ඌව ගැමුණුපුර සාරානන්ද හිමි, 11.45 දවල් සම්බුද්ධ පූජාව, මෙහෙයවීම රම්මලේ අරියවිසුද්ධි හිමි පස්වරු 12.45 සිල් ආවර්ජනය කිරීම , 1.00 පිරිත් සහ තෙරුවන් ගුණ ධර්මායතනවාසි ස්වාමින් වහන්සේලා සමග සිල් පිරිස 1.30 විශේෂ දෙසුම, වෛද්‍ය සම්පත් නානායක්කාර මහතා 3.15 විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 3.30 ධර්ම දේශනය කොහොලංකල කෝවිද හිමි, 7.00 රාත්‍රී ගිලන්පස මල් පහන් බුද්ධ වන්දනාව මෙහෙයවීම ලේනබටුවේ මිත්තාලෝක නාහිමි ප්‍රධාන මහා සංඝ රත්නය


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන වැඩසටහන

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී පැවැත්වෙන තරුණ සීල සමාදාන වප් පෝදා වැඩසටහන මෙසේය. පෝදා පෙරවරු 06.00 –07.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය බොරලැස්ගමුවේ සතිමන්ත හිමි, 8.00 –9.00 භවනාව වැලිමඩ පසන්නමානස හිමි, 09.00 –10.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත හිමි. 10.00 –11.15 නව නීතිපතිනී ඊවා වනසුන්දර මහත්මිය පිළිගැනීම පරෝපකාර සංග්‍රහය ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි.

පස්වරු :- 12.25 –12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා 12.30 –1.00 පිරිත් හා තෙරුවන් ගුණ රූපහ ජිතේන්ද්‍රිය හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව , ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි. 2.00 –03.00 විශේෂ දේශනය ගයාන් චානුක විදානපතිරණ මහතා, 03.00 –04.

ධර්ම දේශනාව ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි 4.15 – 5.00 ධම්මපදය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 –6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මාහිමි.

ශ්‍රී සම්බෝධි විහාරයේ හා බෞද්ධයා මාධ්‍ය ජාලයේ වප් පොහොය සජීවි විකාශය

පෝදා අලුයම 6.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශනය ආරම්භ වීම.

පෙරවරු 6.00 – 7.15 සීල සමාදානය බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම, “බෞද්ධයා” රූපවාහිනි නාලිකාවේ සභාපති සහ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ඉංගී‍්‍රසි දහම් පාසලේ විදුහල්පති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 –9.100 ධර්ම දේශනාව, අස්ගිරි විහාර පාර්ශ්වයේ නියෝජ්‍යය ලේඛකාධිකාරි අස්ගිරි මහාවිහාර පිරිවෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රපති නාරංපනාවේ ආනන්ද හිමි , 9.30 – 10.30 ධර්ම දේශනාව, වැලිමඩ ප්‍රසන්නමානස හිමි, 11.00 –11.30 සම්බුදු පූජාව, මෙහෙයවීම මහරගම පදුම හිමි, පස්වරු 1.00 – 2.00 ධම්සභා මණ්ඩපය , ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සබරගමු පළාතේ ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා , මෙහෙයවීම නීතිඥ ශෂික ජයතිලක මහතා .2.00 –3.00 භාවනාව, මෙහෙයවීම දොඩංදුවේ සිරිකර නාහිමි, 3.30 – 4.30 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි, 4.30 – 5.30 ධර්ම දේශනාව, උස්ගොඩ ධම්මගරු හිමි, 5.30 – 6.00 කෙටි අනුශාසනාව, සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි.


හොරේතුඩුව - පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානය

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේදී විහාරාධිපති වැලිගම අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි වප් පෝදා පැවැත්වෙන සීල සමාදාන පින්කම මාලාව මෙසේය. පෙරවරු 06.00 සිල් සමාදන් කරවීම, බුද්ධ වන්දනාව සහ උදෑසන බුද්ධ පූජාව වැලිගම අනුරුද්ධ හිමි, 08.00 ධර්ම දේශනාව පානදුර උතුර සාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි කොටුගොඩ ජෝතිරතන නාහිමි, 09.00 අරලියගහ මැදුරේ සිට විකාශනය කරන රූපවාහිනි ධර්ම දේශනාව 10.15 භාවනා වැඩසටහන, මෙහෙයවීම හිරණ ප්‍රජාපතී ආරාමයේ අධිපතිනි මහියංගනයේ විශාකා දම්ම ශිලා සිල් මෑණියෝ 11.00 දවල් සම්බුද්ධ පූජාව , පස්වරු 01.00 සාමූහික පිරිත් දේශනාව 02.00 විශේෂ ගිහි දෙසුම නිහාල් පෙරේරා මහතා 04.00 භාවනා වැඩ සටහන පලාතොට අමිතානන්දි මෙහෙණින් වහන්සේ , 05.00 තෙරුවන් නැමදීම, බෝධි පූජාව සහ සිල් පවාරණය මෙම පින්කම අවසානයේදී රට වෙනුවෙන් දිවි පූජාකල සියලු රණවිරුවන්ට පින් පැමිණවීමත් අතිගරු සේනාධිනායක ජනාධිපතිතුමන් ප්‍රධාන ශ්‍රී ලාංකික සැමට සෙත් පැතීමත් සිදු කෙරේ.


වටගල ආරණ්‍ය සේනාසනය

මාතලේ විල්ගමුව මොරගහඋල්පත වටගල ආරණ්‍ය සේනාසනයේ දී වප් පෝදා දවස පුරා ආගමික වතාවත් අතරගල්ලේ සංකිච්ච මාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


හොරේතුඩුව පුරාණ සංඝිකාරාම විහාරස්ථානය

හොරේතුඩුව පුරාණ සංඝිකාරාම විහාරස්ථානයේදී වප් පුර පොහෝ දින පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහන මෙසේය. පෙරවරු 6.00 ට පෙහෙවස් සමාදන් කරවීම සහ කිරිපිඩු පූජාව විහාරාධිපති ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නාහිමි 8.30 ට ධර්ම දේශනය පලපොත සුමනානන්ද හිමි 10.00 ට ධර්ම දේශනය ලේල්වල තපස්සී හිමි.11.00 බුද්ධ පූජාව කළුබෝවිටියන විපුලකිත්ති හිමි. පස්වරු 1.00 ට උපාසක උපාසිකාවන් පිරිත් සජ්ඣායනය 1.30 භාවනා වැඩසටහන 3.00 ට කාව්‍යමය ධර්ම දේශනය රත්මලානේ සීලරතන හිමි 4.45 බුද්ධ වන්දනාව සහ සිල් පවාරණය කළුබෝවිටියන විපුලකිත්ති හිමි .


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

කෑගල්ල තරුණ බෞද්ධ සංගමයේ බෞද්ධ මධ්‍යස්ථානයේ දහම් සෙවනේදී වප් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

පෝදා පෙරවරු 6.45 – 7 බුද්ධ වන්දනා හා සැදැහැ ගාථා 7 –7.45 අටසිල් සමාදන් කරවීම හා අනුශාසනාව අස්මඩලේ ධම්මරතන හිමි . 8.30 – 10.30 “බොදු දිවියට සැනසිලි මග” දර්ශනපති විජේරත්න ආරියතිලක මහතා 10.30 –11 ධර්ම උප දේශනය දේශක ඇම්.ආර්. මද්දුමබණ්ඩාර මහතා 11 –11.30 බුද්ධ පූජාව මෙහෙයවීම සමරවර්ධන නිශ්ශංක මහතා පස්වරු 12.30 –1.30 සීල ආවර්ජනය දේශක බී.එම්.එස්.බී. බස්නායක මහතා 1.30 – 4 ධර්ම සාකච්ඡාව දේශක එස්.එම්.කේ. සිරිවර්ධන මහතා, මහින්ද කරුණාරත්න මහතා බී.එම්.එස්.බී. බස්නායක මහතා 4 –5 ජාතක කථාව ආශි‍්‍රත ධර්ම දේශනය පන්නල ආනන්ද හිමි. 5 සීල පවාරණය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.