Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිරි භණ්ඩ පූජාවක්

ශ්‍රී ලංකාවේ ආදිතම මහා සැදැහැවත් උතුමන් විසින් මහත් ශ්‍රද්ධාවෙන් පවත්වාගෙන ආ ගිරි භාණ්ඩ මහා පූජාව (පර්වතයක් මෙන් පූජා භාණ්ඩ එක තැන ගොඩ ගසා) පහත සඳහන් අයුරින් පැවැත් වේ. හොමතාගම රාජමහා විහාරයේ දී ඔක්තෝබර් 16 වන දා පෙරවරු 11 ට පැවැත්වේ. පූජා භාණ්ඩ, 1.චීවරය - සිවුරු, පිරිකර, කුඩ, සෙරෙප්පු, ගමන්මලු, ජල සාටක, තුවා, අත් ලේන්සු ආදිය, 2. පිණ්ඩපාත – ආහාර දාන (කල්තබා ගත හැකි දේ) පලතුරු වර්ග ආදිය, 3. සේනාසන – පන්සලකට අවශ්‍ය සියලු උපකරණ, විහාර මන්දිරයකට අවශ්‍ය උපකරණ, 4. ගිලාන පච්චය - බෙහෙත්, ගිලන් පස වර්ග සිවු පසයට අයත් ඔබට සපයා ගත හැකි ඕනෑම ලොකු කුඩා පූජාවන් සමඟ දායකත්වය ලබා ගත හැකි අතර ඔක්තෝම්බර් මස 12, 13, 14, 15 පූජා භාණ්ඩ බාරදිය හැකි බව උහුමීයේ සුමනසාර නාහිමියෝ පවසති.

රත්මලේ රතනසේල පිරිවෙන් විහාරය, හොමතාගම රාජ මහා විහාරය, පතින්වත්ත ශ්‍රී ශෛලතලාරාමය, ඇඹලව රහත්ගල් විහාරය දායකත්වය සඳහා සහභාගිවන විහාරස්ථාන වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.