Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

63 වන කොටස

මග්ග වග්ගය

273.
මග්ගානට්ඨංගිකො සෙට්ඨො - සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨො ධම්මානං - දිපදානං ච චක්ඛුමා

අරි අටැඟි මග උතුම්, හරි ඇත්ත සිව්සස් ය. පරම දම නිවන වේ. බුදුන් ලොව උතුම් වේ. හිතවතුනි, ලෝකයේ උතුම් දේ සුලභ නැත. සුලභ දේ උතුම් නැති බව ද වටහා ගන්න.

274.
ඒසොව මග්ගො නත්ථිඤ්ඤෝ - දස්සනස්ස විසුද්ධියා
ඒතම් හි තුම්හෙ පටිපජ්ඡථ – මාරස්සේතං පමෝහනං

අරිය සස් මගින් ගොස්, නුවණ වැඩි කර ගන්න. ඒ මගින් පෙරට ගොස් රුදුරු මරු පරදන්න. හිතවතුනි, නැණැත්තා, ගැටලු ළඟ නොපැරදී, නුවණ කඩුවෙන් සතුරු බලය බිඳ ජය ලබයි.

275.
ඒතම් හි තුම්හෙ පටිපන්නා - දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛතෝ වෙ මයා මග්ගො - අඤ්ඤාය සල්ල සන්ථනං

අරි අටැඟි මඟින් ගොස්, සසර දුක් නිමවන්න. මෙසේ මා කියන්නේ ලැබූ අත්දැකීමෙනි. හිතවතුනි, නැණවත්තු, තමාගේ අත්දැකුම්, කුළුණැසින් කියා දී ලොව ද යහමඟ යවති.

276.
තුම්හෙ හි කිච්චං ආතප්පං - අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති – ඣායිනො මාර බන්ධනා

බුදු කෙනෙකු යනු ලොවට උතුම් ඇදුරකු පමණි. බුදු මඟෙහි හැසුරුණොත් මාර මුඛයෙන් මිදේ.හිතවතුනි, තථාගත ගුරුතුමන් අනුව ගොස් සියලු කෙලෙසුන් නසා නිවන් සුව ලැබ ගන්න.

මතු සම්බන්ධයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.