UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමිත්තෙන්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආගමික හා සාමාජික සේවා

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2012 වෙසක් පොහොය දිනය දක්වා ‘’2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය’’ ලෙස නම් කරන ලද අතර 2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව මෙහෙයවීමෙන් මෙරට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන්සියයකට අධික ප්‍රමාණයක මෙම සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය තුළ එකී ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන් තුළ මෙතෙක් කළ හා සිදු කිරීමට අපේක්ෂිත ආගමික වැඩසටහන් රැසක් වේ.

ඒ අනුව කුරුණෑගල බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් බී. එම්. ආරියරත්න බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සෑම විහාරස්ථානයකම මාසිකව පෝදාට පෙර දින ශ්‍රමදාන වැඩසටහන් ද කුරුණෑගල නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. එම්. සී.කේ. වන්නිනායක මහතාගේ මෙහෙයවීමෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දේශනද, අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් පී.ආර්. ජයරත්න මහතාගේ මෙහෙයවීමෙන් හල්මිල්ලවැටිය ශ්‍රී ධම්මරක්ඛිත දහම් පාසල නැවත ආරම්භ කළ අතර, අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් ඊ. ඒ. එස්. එදිරිසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් මාලාවක්ද අනුරාධපුර පදවිය ප්‍රාදේශීය ලේකම් ඊ. එම්. ආර්. පී.බී. ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් එම බල ප්‍රදේශයේ දිළිඳු පවුලක් වෙත නව නිවසක් තනා දීම අරඹා ඇති අතර රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් එම්. එම්. ගුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පඹහින්න හා පුවක්ගහවෙල විහාර ආශි‍්‍රතව නව දහම් පාසල් දෙකක් අරඹා ඇත. රත්නපුර කුරුවිට ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩී. කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් බලප්‍රදේශයේ දිළිඳු පවුලක් වෙත නිවසක් තනාදීමේ කටයුතුද කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් යූ. ඩබ්ලිව්. සේනාරත්න මහතාගේ් මෙහෙයවීමෙන් වැල්ලම්පිටිය පරමධම්මචේතිය විහාරය කේන්ද්‍ර කර ගනිමින් පිණ්ඩපාත චාරිකා, දහම් දෙසුම්, ලේ දන්දීම් ද පෙරහර ආදිය පැවැත්විණ. කොළඹ ප්‍රාදේශීය ලේකම් කේ.ජී. ධර්මතිලක මහතාගේ මෙහෙයවීමෙන් මාළිගාවත්ත සුදර්මාරාමයේ දී අක්ෂි සායන, ඇස් කණ්ණාඩි ලබාදීම හා කොළඹ 14 ජේතවනාරාමයේ දී දහම් පාසල් දරුවන් වෙත බෞද්ධ මනෝවිද්‍යා පිළිබඳ දේශනයක් ද රත්මලාන ප්‍රාදේශීය ලේකම් පී.එස්. විමලවීර මහතාගේ මෙහෙයවීමෙන් රත්මලාන තරුණ බෞද්ධ සංගමය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය එක්ව පැළ බෙදාදීම, වෛද්‍ය සායන පැවැත්වීම සහ දහම් පාසල් දරුවන් වෙනුවෙන් පුස්තකාල ඇරැඹීමේ වැඩ පිළිවෙළක් ද අරඹා ඇත. කළුතර වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් එම්.එල්. දිශිත නිරෝෂ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රදේශයේ තෝරාගත් විහාරස්ථාන දහයක ඔසු උයන් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක්ද අරඹා ඇත.

කළුතර බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් අයිරාංගනී වීරසිංහ මහත්මියගේ මෙහෙයවීමෙන් දහම් අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳව මවුපියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇති අතර එහි පළමු අදියර දිවලකඩ සද්ධානන්ද දහම් පාසලෙන් පසුගියදා ආරම්භ කැරිණි.

බිනර අව අටවක

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 20 අඟහරුවාදා පූර්ව භාග 6.35 ට ලබයි.
21 වනදා බදාදා පූර්ව භාග 07.30 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම සැප්තැම්බර් 20 වනදා අඟහරුවාදාය

මීළඟ පෝය සැප්තැම්බර් 27 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]