Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දෙහිවල නැදිමාලේ පැපිලියවල පාරේ පළමුවැනි පටුමගේ අංක 24 දරන නිවසේ පදිංචි දිලීප් ගුණවර්ධන මහතා ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවත්, ඔහුට ඉන්දියාවේ වෙල්ලෝරා රෝහලේ දී ඇටමිදුළු සැත්කම කිරීම සඳහා රු. 30 ලක්‍ෂයක් අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇතැයි කියති. ඔහුට උදව් කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් ජාතික සංවර්ධන(NDB) බැංකුවේ ඩී.ඇස්. ආර්. ගුණවර්ධන ගිණුම් අංකය 020001003558 වෙත මුදල් එවිය හැකි බවද කියයි. ඔහුගේ දුරකතන අංක – 4734137 – 8 හා 4979646 වේ.


කතරගම නවනගරයේ රජයේ රෝහල පිටුපසපාරේ පදිංචි වයස අවු. 44 ක්වූ දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන යූ.එම්. චූලරත්න මහතාට “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලී අයෙකු වේ නම් පහත දුරකතන අංකවලට දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කැරේ. 071 3385031, 047 2235484 එම දුරකතන අංක වේ.


අනුරාධපුර දෙක පියවර, 623/22K. නිවසේ පදිංචි එම්.ජී.එන්. පුෂ්පකුමාර නමැති මැදිවියේ පසුවන එක්දරු පියකු දරුණු වකුගඩු අසනීපයකින් පෙළෙන බැවින් වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ “ඕ පොසිටිව්” වර්ගයට අයත් වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට අවශ්‍ය බවයි. ඒ සඳහා කැමැත්තක් දක්වන පරිත්‍යාගශීලියකු වෙතොත් දු.ක.අං. 025 2223489, 071 8042548 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.


මොනරාගල දඹගල්ල හෑන්නියාව පදිංචි කේ.ඕ.එම්. චන්ද්‍රපාල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන දෙදරුපියෙක් බවත් ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් කඩිනමින් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගී අංශයේ වෛද්‍යවරු දන්වා ඇතැයි කියති.

ඔහුගේ ජීවිතය සුවපත් කිරීම සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කරන ලෙස චන්ද්‍රපාල මහතා ඉල්ලීමක් කරයි. දුරකතන අංක 072 6230770, 0555 717868 වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.