Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

61 වන කොටස

බණ්ඩාර මඩුගල්ලේ

264) න මුණ්ඩකෙන සමණො - අබ්බතො අලිකම්භණං
ඉච්ඡා ලෝභ සමාපන්නෝ - සමණො කිං භවිස්සති

හිස රැවුල් ගා දමා - සමණ වෙස් ගත් නමුදු - සමණ ගුණ නැති කෙනා - සමණයෙකු නොවේ ම ය.

හිතවතුනි, කිසි දෙයක – පිට ඔපය දෙස බලා - වටින නොවටින බවක් තීරණය නොකළ යුතු.

265) යො ච සමේති පාපානි – අණුං ථුලානි සබ්බසො
සමිතත්තාහි පාපානං - සමණොති පවුච්චති

ලොකු කුඩා සියලු දොස් - නසන්නට වෙර දරන – පැවිද්දා උතුම් වූ - මහණ ගුණ දරන්නෙකි.

හිතවතුනි, ටිකෙන් ටික – වැරැදි අඩු කරන විට – ඔබ තුළ ද උතුම් වූ - චරිතයක් ගොඩ නැගේ.

266) න තේන භික්ඛු හොති – යාවතා භික්ඛතෙ පරෙ
විස්සං ධම්මං සමාදාය – භික්ඛු හොති න තාවතා

පිඬු සිඟා යැපෙන්නා - තිදොර සංවර නැතොත් – ඒ තැනැත්තා නියම – මහණ කෙනෙකුන් නොවේ.

හිතවතුනි, හැසිරීම – පමණක් ම දැකීමෙන් – නියම වූ මහණකැයි – හැඳින ගත හැකි නොවේ.

267) යොධ පුඤ්ඤංච පාපංච – බාහෙත්වා බ්‍රහ්මචරිය වා
සංඛාය ලොකෙ චරති - සවේ භික්ඛුති වුච්චති

බුදු සසුන් ගත වෙලා - පාපයෙන් දුරස් වී – ගුණ දහම් රකින්නා - නියම වූ බුදු පුතෙකි.

හිතවතුනි, ටිකෙන් ටික – වැරැදි අඩු කර ගන්න – එවිට ඔබ ඉක්මනින් – වැදගතකු වන්නේ ය..

මතු සම්බන්ධයි

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.