Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගැටබරු පෙරහර මංගල්‍යය

කොටපොළ ඓතිහාසික ගැටබරු රජ මහා විහාරයේ වාර්ෂික පෙරහර මංගල්‍යය සැප්තැම්බර් 13 දා දක්වා පැවැත්වේ. අකුරැස්ස, දෙනියාය මර්ගයේ කොටපොළ නගරාසන්නයේ වම් පස ගැටබරු කඳු මුදුනේ විශාල ගල්කුළක් තුළ පිහිටි එම විහාරස්ථානය සහිත දෙවොලෙහි ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා පැතිරී යයි.

දැකුම්කළු පාරිසරික වටපිටාවකින් සැදි එම පූජා භූමියේ 55 වැනි වරටත් පැවැත්වෙන පෙරහර මංගල්‍යය අවසන් කැරෙනුයේ 13 දා දවල් පිරිනැමෙන දේවදානයෙනි.

අලි ඇතුන් සහිතව උඩරට පහතරට සහ සබරගමු නැටුම්වලින් අලංකාර වන අවසන් රන්දෝලි පෙරහර 11 වන දා රාත්‍රියේ වීථි සංචාරය කැරේ.

සැමට සෙත් පතා 12 දා සහ 13 දා උඩමළුවේ දී පැවැත්වෙන දේව තොවිලය නිමාවට පත් කැරෙනුයේ 13 දා අලුයම පැවැත්වෙන ගිනි පෑගීමේ උත්සවයෙනි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ විශාල ගල්ලෙන තුළ පිහිටි ගැටබරු රජ මහා විහාරය සහ රජ්ජුරුබණ්ඩාර දෙවොලයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.