Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරන රූපවාහිනී නිර්මාණ තරගයක්

සියලුම ජන කොට්ඨාසයන් තුළ බොදු සිතුම් පැතුම් හා සාරධර්ම වර්ධනය කරලීමේ අරමුණින්, 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් රූපවාහිනී නිර්මාණ තරගයක් පැවැත්වීමට බෙල්ලන්විල රජමහ විහාරස්ථ ප්‍රජා සංවර්ධන පදනම විසින් කටයුතු යොදා ඇත.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන පදනම මගින් මෙම තරගය සංවිධානය කෙරෙන අතර, ඔක්තෝබර් 31 වන දින දක්වා තිරපිටපත් බාර ගැනේ.

හොඳම කැමරාකරණය ,ආලෝකකරණය, සංස්කරණය තිර පිටපත සහ අධ්‍යක්‍ෂණය ඇතුළු විවිධ අංශ ගණනාවකින් රුපියල් දෙලක්‍ෂයක මුදල්, තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරේ.

විනාඩි 12 ක උපරිමයකට යටත්ව, ඉදිරිපත් කළ නිර්මාණයන් රූපවාහිනියෙන් ප්‍රචාරය කිරීමට සුදුසු තත්වයේ තිබිය යුතු අතර, නිර්මාණ ඩිවීඩී තැටියක් මගින් ලබා දිය යුතුය. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයට බෙල්ලන්විල විහාරස්ථ ප්‍රජා සංවර්ධන පදනම් කාර්යාලයට පැමිණ හෝ 011-2726067 දුරකථන අංකයෙන් විමසීම් කර වැඩිදුර තොරතුරු ලබාගත හැකි අතර, අවශ්‍ය අයඳුම්පත් පැමිණ හෝ ලිපිනයැ’ති මුද්දර කවරයක් එවීමෙන් ලබාගත හැකි බව පදනමේ ලේකම් ග.වි.ජයසුන්දර මහතා දන්වා සිටී.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.