UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම –
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන
අංශයේ මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි.

වැඩවසන පන්සල –
ගණේමුල්ල නැඟෙනහිර කොස්සින්න සම්බුදු මග විවේකාශ්‍රම විහාරය.

උපන් දිනය –
1950 මැයි මස 27 වන දින.

පියා -
ඩබ්ලිව්. සී. රණසිංහ මහතා

මව -
ලීලාවතී රණසිංහ මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයන් තුන් දෙනෙක් සහ සහෝදරියන් තුන් දෙනෙක් පමණි.

මූලික අධ්‍යාපනය –
කෑගල්ල ශාන්ත මරියා මහ විද්‍යාලය.

උසස් අධ්‍යාපනය -
පොතුහැර චන්දසේන පිරිවෙන.
1975 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව බෞද්ධ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය,
ප්‍රථම පන්ති සාමාර්ථය සහිතව ලබා ගැනීම – 1980
කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීම
(දෑ අවුරුදු උපාධිය) ආදි බුදුදහම හා නිකායාන්තර බුදු දහම අතර ඇති සම විෂමතා අධ්‍යයනය කිරීම.
1997 දී ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ආචාර්ය උපාධිය (පී.එච්.ඩී) ලබා ගැනීම.
වසර තුනක කාලයක් බුදු දහම හා මහායාන දර්ශන අතර ඇති සම විෂමතා පර්යේෂණ කටයුතු සඳහා යොදා ගැනීම.
පැල්මඩුල්ල සර්වෝදය භික්‍ෂු පුහුණු ආයතනයෙන් දෑ අවුරුදු සමාජ සේවා පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.

පැවිදි වීම –
1968 සැප්තැම්බර් 23 දින

උපාධ්‍යායන් වහන්සේ හා ආචාර්යයන් වහන්සේ -

අපවත් වී වදාළ පණ්ඩිත බොරලුවේ ධර්මපාල ලොකු හාමුදුරුවන් වහන්සේ.

උපසම්පදා දිනය –
1971 මහනුවර මල්වතු මහා විහාර උපෝෂථාගාරයේ දී.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
ගණේමුල්ල නැඟෙනහිර කොස්සින්න සම්බුදු මග විවේකාශ්‍රම විහාරයේ විහාරාධිපති වීම.

පළ කළ කෘති -
බුදු සමය හා දාර්ශනික ගැටලු – 1982
බුදු සමය දර්ශනය හා සංස්කෘතිය – 1984
චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදාය – 1988
භික්‍ෂු සමාජය – 1990
බුදු සමය හා සාමාජියික පසුබිම - 1994
බුදුදහම හා පරිසරය – 1997
මනුෂ්‍යත්වය – 1997
බෞද්ධ අධ්‍යයන ප්‍රවේශය – 1997
බුදුරජාණන් වහන්සේ හා සන්නිවේදනය – 2003
බුදු දහම හා එහි සංස්කෘතික මුහුණුවර – 2006
බෞද්ධ සංස්කෘතිය – පසුබිම හා මූලධර්ම – 2008
බෞද්ධ අධ්‍යයන විමංසා

මුද්‍රණයේ පවතින කෘති -
බෞද්ධ සමාජ චින්තනය
මෙම කෘතිවලට අමතරව ජාතික පුවත් පත් හා ශාස්ත්‍රිය
සඟරාවලට ශාස්ත්‍රිය ලිපි සැපයීම.

විදේශ ධර්ම දූත සේවය –
තායිලන්තය, මියන්මාරය, ඉන්දියාව, ඉන්දුනීසියාව,
සිංගප්පූරුව යන රටවල.

තනතුරු -
පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේ ආචාර්යවරයකු වීම.
හුණුපිටිය ගංගාරාමය ඤාණේෂ්වර පිරිවෙනේ ආචාර්යවරයකු වීම.
1988 දී කැලණිය විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම.
1996 දී ස්ථිර ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස (11 ශ්‍රේණියේ) කටයුතු කිරීම.
2000 දී සහාය මහාචාර්යවරයකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ කටයුතු කිරීම.
2005 දී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා ලෙස පත්වීම ලැබ
වර්තමානය දක්වාම මහාචාර්යවරයකු ලෙස එම විශ්වවිද්‍යාලයේම කටයුතු කිරීම.
නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය උපදේශක තනතුරට අමතරව පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙස
කටයුතු කර තිබීම.
ශාස්ත්‍රීය කටයුතු හා පරිපාලන කටයුතු පිළිබඳ කමිටු රාශියක සාමාජිකත්වය දැරීම.

දහම් පාසල් කටයුතු -
පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම විහාරස්ථ සිරි සරණපාල දහම් පාසල ආරම්භ කිරීම හා එහි
ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම.
ගංගොඩවිල ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ සුනේත්‍රාදේවි දහම් පාසල ආරම්භ කිරීම හා
ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම.

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]