Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සිදුහත් චරිතයෙන් ප්‍රශ්නෝත්තර

01. සිදුහත් කියන්නේ කවුද?

බුදුරජාණන් වහන්සේගේ ගිහි කල නම

02. සිද්ධාර්ථ කියන්නේ කවුද?

සිද්ධාර්ථ කියන්නේත් සිදුහත් කියන එකම තමයි.

03. මොකක්ද? ඒ නමේ තේරුම?

අර්ථයක් සිදුකරන කෙනා කියන එකයි

04. ඔහු මව්කුස පිළිසිඳ ගත්තේ කවදාද?

ඇසළ පුණු පොහොය දිනයක

05. ඔහු මව්කුස පිළිසිඳ ගැනීමට ප්‍රථමයෙන් කොහිද සිටියේ.

තුසිත දෙව්ලොව සන්තුෂිත නමින්.

06. එහි සිට මෙලොව ඉපදීමට පෙර කාරණා 5 ක් බැලුවා නේද?

ඔව්, අපි ඒවාට තමයි පස් මහ බැලුම් කියා කියන්නේ.

07. පස්මහ බැලුම් මොනවාද?

කාලය, දීපය, දේශය , කුලය, මව

08. මව් කුස පිළිසිඳගත් දින මහාමාය දේවිය සිහිනයක් දුටුවා නේද?

ඔව්, එතුමිය සිහිනයක් දුටුවා

09. මොකක්ද එතුමිය දුටුව සිහිනය?

සතරවරම් දෙවිවරු ඇවිත් එතුමියගේ යහන පිටින් ම ඔසවාගෙන හිමාලයට ගොස් එහි තිබූ රත්ගල් තලාවක පිහිටි සල් ගසක් යට තැබුවා.

10. ඉන්පසු මොකද වුණේ?

ඉන්පසු ඔවුන්ගේ දෙවිවරුන් පැමිණ ඇය විලකට රැගෙන ගොස් නාවා දිව සළු පළදවා රිදී පවුවෙන් දිව්‍ය මාලිගාවකට කැදවාගෙන ගියා.

11. ඒ විලේ නම මොකක්ද?

ඒ විලට අනෝතප්ත විල කියලා කියනවා.

12. එහි රැගෙනගොස් මොකද කළේ?

එහි යහනක් මත නිදි කළා.

13. ඇත් පැටියෙක් ආවේ මේ වෙලාවේ නේද?

ඔව්. ටික වේලාවකින් සුදු ඇත් පැටියෙක් ආවා.

14. ඇත් පැටියා මොනවද රැගෙන ආවේ?

ඌ හොඩින් සුදු පියුමක් රැගෙන ආවා!

15. ඇවිත් මොකද කළේ?

ඇවිත් යහන වටේ රවුම් තුනක් ගමන් කරලා දකුණු ඇලයෙන් එතුමියගේ කුස තුළට රින්ගුවා.

16. දේවිය මොකද කළේ?

දේවිය මේ පිළිබඳව රජතුමාට උදේ දන්වා සිටියා.

17. රජතුමා මොකද කළේ?

රජතුමා මෙහි තේරුමක් නොදන්න නිසා බමුණන් ගෙන්නුවා සිහිනයේ පලාඵල විසඳීමට

18. සිහිනයේ පලාඵල කීමට බමුණෝ කීදෙනෙක් ආවාද?

බමුණක් 64 දෙනෙක් ආවා.

19. ඔවුන් මොකද කීවේ?

සිහිනය පිළිබඳව විමසා බැලූ ඔවුන් දරු සම්පතක් ලැබෙන බව ප්‍රකාශ කළා.

20. රජතුමා මොකද කළේ.

ඉන් පසු ඉතා සතුටට පත් වී දානාදිය දෙමින් දේවිය සමග බොහෝ සිල්්වත්ව කාලය ගත කළා.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.