Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දම් දෙසුම් මාලාවක්

කැලණිය, කොහාල්විල ගංගාරාම විහාරයේ කඨින මහා පින්කම නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන ධර්ම දේශනා පින්කම් මාලාවක් සැප්තැම්බර් මස 08 වැනි දින සිට නොවැම්බර් මස 04 වැනි දින දක්වා දිනපතා එම විහාරස්ථානයේදි පැවැත්වේ.

දොඩම්පහළ රාහුල හිමියන් විසින් ප්‍රථම ධර්ම දේශනාව සැප්තැම්බර් මස 08 වැනි දින පස්වරු 6 ට පවත්වනු ලබන අතර හොරවල ධම්මාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මඟින් මෙම පින්කම මාලාව සංවිධානය කෙරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.