Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ඓතිහාසික රාජ මහා විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝටටේ රාජ මහා විහාරාධිපති ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරි අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධාදිරත්නත්‍රය ගරු කරගෙන වාර්ෂිකව සතර මහා දේවාලයන්හි පවත්වාගෙන එනු ලබන ශ්‍රී දළදා පෙරහර මංගලෝත්සවය මෙවරද පැරැණි චාරිත්‍රානුකූලව පුද සිරිත් පැවැත්වීම අගෝස්තු මස 22 වනදා ඇරැඹිණි. ඒ අනුව පිරිත් දේශනාව, සංඝගත දක්ෂිණාව කප් සිටුවීම,තේවාව , කුඹල් පෙරහර , මල් පෙරහර, පාවඩ පෙරහර , වීථි පෙරහර ,රන්දෝලි පෙරහර පවත්වා සැප්තැම්බර් 3 වනදා (සෙනසුරාදා ) ශ්‍රී දළදා මහා පෙරහර ද සැප්තැම්බර් 4 වනදා උදේ දිය කැපීමේ පෙරහරද දවල් දේව දානය පිළිගැන්වීමද සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.