Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

60 වන කොටස

260. න තේන ථෙරො හොති - යෙනස්ස පලිතං සිරෝ
පරිපක්කෝ වයො තස්ස - මෝඝජින්නොති වුච්චති

මහත කෙනෙකුගේ කෙස්, පැසුණු පමණකින් ඔහු, මහා තෙර කෙනෙකු සේ තැකිය යුත්තේ නොවේ. තිදොර සංවර නැතොත්, හේ දිරා ගිය කෙනෙකි. පිදිය යුතු බවින් තොර කිසිත් නැති හිස් කෙනෙකි.

හිතවතුනි, ලෝකයේ මහලු වන හැමදෙනා, උතුම් ගුණයෙන් සපිරි, පිදිය යුත්තෝ නොවෙති.

261. යම්හි සච්චඤච ධම්මො ච – අහිංසා සඤ්ඤමො දමො
ස වෙ වන්තමලො ධීරො - ථෙරො ඉති පවුච්චති

තුන් දොරින් සුසංවර, කිළිටි නැති සිල් දරන මහණ උත්තමයෙක් වෙතොත්, ඒ මහා තෙර කෙනෙකි.

හිතවතුනි, ඔබ ඔබේ, අසල්වැසියන් අතර, සිටින හොඳ ගුණවතුන් හොඳින් හඳුනා ගන්න.

262. න වාක්කරණමත්තේන – වණ්ණ පොක්ඛරතාය වා
සාධුරූපෝ නරො හොති – ඉස්සුකී මච්චරී සඨො

කට හඬත් රූපයත්, කොතෙක් හොඳ වූ නමුදු, සිතන දේ නරක නම් ඔහු මහා පාපියෙකි.

හිතවතුනි, චරිතයක, උතුම් බව රැකෙන්නේ, රුවින් කටහඬින් නොව, සිතන සිතිවිලිවලිනි.

263. යස්ස වෙතං සමුච්ජින්නං - මූල ඝච්චං සමූහතං
සවන්තදොසො මෙධාවී - සාධුරූපොති චුච්චති

යමෙක් තුන් දොර මනා පරිද්දෙන් හසුරුවා, මනාසේ සිතයි නම්, හේ සුදන කෙනෙකු වේ.

හිතවතුනි, ඔබ මනස, හොඳින් සංවර කළොත්, සියලු සැප ලබන ඔබ ලෝකයට සම්පතකි.

මතු සම්බන්ධයි

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.