Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංඝ නායක පදවි ලබති

බද්දේගම ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරය කහදණ්ඩාඇළ ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විහාරාධිපති විශ්‍රාමලත් පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු වූ ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පිණිකහනේ අනෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහනුවර මල්වතු විහාරීය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් “ධර්මකීර්ති ශ්‍රී රාහුල සද්ධාතිස්ස” යන ගෞරව නාමය සහිත ගාලු – මාතර දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයට පත්කර ඇත.

අපවත් වී වදාළ පිණිකහනේ ශ්‍රී සද්ධාතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සිදු වූ පුරප්පාඩුවට මෙම නව පදවිය පිරිනමා ඇත.

අභිනව නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රදේශයේ ජාතික හා ආගමික සේවාවන් රැසක් ඉටුකරන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.