Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

59 වන කොටස

ධම්මට්ඨ වග්ගය

256. න තෙන හොති ධම්මට්ඨෝ - යෙ නත්ථි සහසා නයෙ
යො ච අත්ථං අනත්ථංච – උභො නිච්ඡෙයිය පණ්ඩිතො

නුවණ නැති තැනැත්තෝ, අයුතු තීරණ ගනිති. නැණැත්තෝ යුතු පරිදි, උසස් තීරණ ගනිති.
හිතවතුනි, නැණැත්තෝ ලෝකයට සම්පතකි. නුවණ නැති තැනැත්තෝ ලෝකයට ශාපයකි.

257. අසාහසෙන ධම්මේන - සමේන නයතී පරෙ
ධම්මස්ස ගුත්තෝ මෙධාවි – ධම්මට්ඨොති පවුච්චති

දැහැමි වූ විනිසුරෝ, උතුම් තීරණ ගනිති. එම නිසා එවැන්නෝ, සොබා දහමින් රැකෙති.
හිතවතුනි, සනාතන, දහම මෙය වන්නේ ය. ධම්මෝ භවේ රක්ඛතී ධම්මචාරී.

258. න තෙන පණ්ඩිතො හොති – යාවතා බහු භාසතී
ඛේමි ආවේරි අභයො - පණ්ඩිතොති පවුච්චති

වියපත් වූ පමණකින් නැණැත්තෙකු වන්නේ නෑ. පස් පවින් තොර වුණොත් හේ මහා නැණැත්තෙකි.
හිතවතුනි, තුන් දොරින් පව් නොකර සිටින්නා ලෝකයෙන් පුද ලබන උතුම් පණ්ඩිත කෙනෙකි.

259. නතාවතා ධම්මධරො - යාවතා බහු භාසති
යොච අප්පම්පි සුත්වාන – ධම්මං කයෙන පස්සති
සවෙ ධම්ම ධරො හොති - යො ධම්මං නප්පමජ්ජති

බණ කියන පමණකින්, දහම් ධරයෙකු නොවේ. දහම පිළිපදින්නා දහම් ධර වන්නේ ය.
හිතවතුනි, උගත්කම, හැඳුනුකම නොවේමය. දහම් පිළිපදින විට, හැඳුනුකම ළඟා වේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.