Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හොරණ දික්හේනපුර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය

සටහන -
ලයනල් ගුණසිංහ


චෛත්‍යය

ව්‍යවහාර වර්ෂ 1986 පොසොන් මස පුරපසළොස්වක පොහෝ දින කුඩා බෝ අංකුරයක් රෝපණය කිරීමෙන් හොරණ දික්හේන පුර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.


බුදු මැදුර තුළ දසුනක්

රෝපිත බෝධීන් වහන්සේට 25 වසරක් ගත වන මේ මොහොත වන විට දුටු දුටුවන් නෙත් සිත් පිනවන බෝධීන් වහන්සේ මනස්කාන්ත දර්ශනයෙන් යුත් විශාල අතු ශාඛා සිව් දෙස විහිදුවා ගාම්භීර අන්දමින් වැඩ සිටිති.

බෝධීන් වහන්සේ ආසන්නයෙහිම පිහිටි දර්ශනීය අන්දමින් ඉදිකර ඇති විහාර මන්දිරයේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ දුටු දුටුවන්ගේ සිත් සතන් බුද්ධාලම්බන පී‍්‍රතියෙන් පිනවති.

භූමියේ ඇති ඉඩ ප්‍රමාණය අනුව උස්ව පිහිටා ඇති බිම් කඩක ඉදිකර ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේද පුෂ්පාරාම විහාරස්ථානය තවදුරටත් ආලෝකවත් කිරීමට හේතු වී ඇත.

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට ඉදි කරන ලද අවුකන අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු නිධානය සහ නෙත් තැබීම පසුගිය වෙසක් පුර පසළොස්වක පොහෝ දින උත්සවශ්‍රීයෙන් සිදු කරන ලදී.


විහාරස්ථානයේ දර්ශනයක්

1993 සර්වෝදය නියමු සේවක සාමවිනිසුරු මෙන්ඩිස් පෙරේරා මහතාගේ මූලික සහායෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 17 දෙනකුගෙන් ආරම්භ කරන ලද ශ්‍රී පුෂ්පාරාම දහම් පාසලෙහි මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 600 ක් පමණ ඉගෙනුම ලබති. විහාරස්ථානයෙහි ඉදිකර ඇති සුවිසල් ධර්මශාලාවේ මෙම දහම් පාසල පවත්වාගෙන යයි.

විහාරස්ථානයෙහි ආරම්භක විහාරාධිපති වශයෙන් සිටි ශාස්ත්‍රවේදී ඉහළනාරගල විනයසිරි ස්වාමීන් වහන්සේ අදද විහාරාධිපති වශයෙන් කටයුතු කරති. උන්වහන්සේගේ සියලුම කටයුතු වලට සෑම සහයෝගයක්ම දක්වන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය මාර්තුවෙල සිරිසරණ පොඩි හාමුදුරුවන් ය.
 


විහාරාධිපති ශාස්ත්‍රවේදී ඉහළ නාරගල විනයසිරි හිමි

හොරණ රත්නපුර ප්‍රධාන මාර්ගයේ දික්හේනපුර හන්දියෙන් හැරී ප්‍රජාපතී බාලිකා විද්‍යාලය පසුකර වමට හැරී තවත් මීටර් 300 ක් පමණ කෙටි දුරක් ගමන් කළ පසු විහාරස්ථානයට ළඟා විය හැක.

 

 

 

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.