Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ටෙලි නිර්මාණ තරගයක්

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් ටෙලි නිර්මාණ තරගයක් පැවැත්වීමට බෙල්ලන්විල රාජමහා විහාරස්ථ ශ්‍රී ලංකා ප්‍රජා සංවර්ධන පදනම කටයුතු යොදා ඇත. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ප්‍රජා සංවර්ධන පදනම මඟින් මෙම ටෙලි නිර්මාණ තරගය සංවිධානය කෙරෙන අතර අයදුම්කරුවන්ගෙන් අගෝස්තු 31 වෙනිදා දක්වා තිර පිටපත් බාර ගැනේ. හොඳම කැමරාකරණය, ආලෝකකරණය, පිටපත හා අධ්‍යක්‍ෂණය ඇතුළු විවිධ අංශ ගණනාවක ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කැරේ. ජනහද තුළ බෞද්ධ සිතුම් පැතුම් ඇතිකරවන විනාඩි 12 ක උපරිමයකට යටත්ව, ඉදිරිපත් කළයුතු තම නිර්මාණයන් රූපවාහිනී මාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීමට සුදුසු තත්ත්වයේ තිබිය යුතු අතර නිර්මාණ ඩී.වී.ඩී. තැටියක් මඟින් ලබාදිය යුතු ය. මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයට ශ්‍රී ලංකා ප්‍රජා සංවර්ධන පදනම් කාර්යාලයට පැමිණ හෝ 011 2726067 දුරකතන අංකයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව පදනමේ ප්‍රධාන ලේකම් ග.වී. ජයසුන්දර මහතා දන්වා සිටී.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.