Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

58 වන කොටස

251. නත්ථි රාගසමො අග්ගි – නත්ථි දොසසමො ගහො
නත්ථි මොහසමං ජාලං - නත්ථි තණ්හා සමා නදී

රාග මහ ගිනි කඳකි. දෝස මහ බැඳීමකි. මෝහය ද මහ දැලකි. තණ්හාව මහ ගඟකි.
හිතවතුනි, රාග ගිනි, දෝස බැමි මෝහ දැල මහා තණ්හා නදිය මහා අකුසල් මුල් ය.

252. සුදස්සං මජ්ජං අඤෙඤසං - අත්තනො පන දුද්දසං
පරෙසං හි සො වජ්ඡානි – ඔපුණාති යථා භුසං
අත්තනො පන ඡාදෙති – කලිංව කිතවා සඨො

තමන්ගේ ලොකු කුඩා, වැරැදි කිසිවක් නොදැක, අනුන්ගේ දොස් දකින තැනැත්තා මෝඩයෙකි.
හිතවතුනි, තමන්ගේ වැරැදි නොදකින්නාට මෙලෝ පරලෝ දෙකේ කිසි සැපක් හිමි නොවේ.

253. පරවජ්ජානුපස්සිස්ස - නිච්චං උජ්ඣානසඤ්ඤිනො
ආසවා තස්ස වඩඪන්ති – ආරා සො ආසවක්ඛයා

අනුන්ගෙම දොස් හොයන, අනුන්ටම දොස් කියන, තැනැත්තෝ කිසි දිනෙක කෙලෙස් නොනසන්නෝ ය.
හිතවතුනි, සසර මඟ, කෙටි කරනු කැමැති නම්, තමන් තම දොස් වලින් ඉවත් විය යුත්තේ ය.

254. ආකාසෙ පදං නත්ථි - සමණො නත්ථි බාහිරේ
පපඤචාභිරතා පජා - නිප්පපඤ්චා තථාගතා

කුරුළු පියවර කිසිත් - අහස් තලයේ නොමැත. මග පලක් ලැබූ අය - බුදු දහමින් පිටත නැත.
හිතවතුනි, ජීවිතය, උතුම් මග යැවෙන්නේ, උතුම් දහමක් අනුව පැවතුණොත් පමණම ය.

255. ආකාසෙ පදං නත්ථි - සමණො නත්ථි බාහිරෙ
සංඛාරා සස්සතා නත්ථි – නත්ථි බුද්ධානමිඤ්ජිතන්ති

කුරුළු පියවර කිසිත්, අහස් හී ඇති නොවේ. රහත් බව ලැබූවකු, බුදු දමින් පිටත නැත. හේතු පල දහම මත ගොඩනැඟුනු හැම දේම, අනිස බව මග පලක් ලැබුවෝ දැන සිටිති.
හිතවතුනි, උතුම් දේ, පෙනෙන්නේ දැනෙන්නේ උතුම් දහමක් අනුව පැවතුණොත් පමණම ය.

මතු සම්බන්ධයි,


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.