Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම :-
ශාස්ත්‍රපති, සාමවිනිසුරු සබරගමු පළාතේ ප්‍රධාන
සංඝ නායක ශ්‍රී සුමනතිස්ස හේමාලෝක වංශාලංකාර
ශාසන කීර්ති ශ්‍රී සිරි දේවමිත්ත නාරංගස්තැන්නේ
ධම්මකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

වැඩ වසන පන්සල :-
හුඹස්වලාන ශ්‍රී ශෛලබිම්බාරාමය ,හඳුන්ගමුව, වෙහෙරගල .

උපන්දිනය :-
1967 අපේ‍්‍රල් මස 06 වන දින

පියා :-
ඩබ්ලිව්. එම්. සෝමදාස මහතා

මව :-
ශාන්ති රාජපක්‍ෂ මාතාව

සහෝදර සහෝදරියන් :-
සහෝදරයන් තිදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් පමණ

ගිහි නම :–
එස්. බන්දුල වේරගල

මූලික අධ්‍යාපනය :–
මානියංගම රජමහා විහාරයේ පෙරපාසල හුඹස්වලාන
බුද්ධදාස විද්‍යාලය රුවන්වැල්ල කනිෂ්ඨ විද්‍යාලය දෙහිඕවිට
ශ්‍රී සුශිලෝදය මහ පිරිවෙන

උසස් අධ්‍යාපනය :-
කැලණිය විශ්ව විද්‍යාලය සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය – 1997 (බී.ඒ)
ශාස්ත්‍රපති උපාධිය (එම්.ඒ) – 2000 (බෞද්ධ දර්ශනය පිළිබඳව)

පැවිදි වීම :-
1978 නොවැම්බර් මස 11 වන දින

උපාධ්‍යායන් වහන්සේ -
වයඹ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝ නායක
ඕවිලිකන්දේ සුමනතිස්ස නා හිමිපාණන් වහන්සේ

ආචාර්යන් වහන්සේලා :-
ඕවිලිකන්දේ පේමරතන නා හිමි.
නාරංගස්තැන්නේ ගුණරතන නා හිමි.
හුඹස්වලානේ හේමාලෝක නා හිමි.

උපසම්පදා දිනය :-
1987 ජූලි මස 23 දින කැලණිය ගංගාරාම උදකුක්ඛේප සීමා මාලකයේදී

දරන තනතුරු :-
රුවන්වැල්ල හුඹස්වලාන ශ්‍රී ශෛලබිම්බාරාම විහාරාධිපති
හඳුන්ගමුව වෙහෙරගල ඓතිහාසික රජමහා විහාරාධිපති
හසලක කොළොන්ගොඩ ශ්‍රී සුමේධාරාම මහා විහාරාධිපති
හින්ගහ උඩුවෙල්වල ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානාධිපති
මාරක සුගන්ධකුටි භාවනා මධ්‍යස්ථානාධිපති

සම්මාන උපාධි :-
ශ්‍රී සුමනතිස්ස හේමාලෝක වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී සිරිදේවමිත්ත ගෞරව
නාමය සහිත සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායෙන් ලබාදීම.

විදේශ ධර්ම දූත සේවය :–
ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව, නේපාලය, බුරුමය, පිලිපීනය

පාලනය කරන විහාරස්ථාන :–
රුවන්වැල්ල හුඹස්වලාන ශ්‍රී ශෛල බිම්බාරාමය
හඳුන්ගමුව වෙහෙරගල ඓතිහාසික රජමහා විහාරය
හසලක කොළොන්ගොඩ ශ්‍රී සුමේධාරාම මහා විහාරය
හීන්ගහ උඩුවෙල්වල ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානය
මාරක සුගන්ධකුටි භාවනා මධ්‍යස්ථානය

දහම් පාසල් :–
හුඹස්වලාන ශ්‍රී ශෛල බිම්බාරාමය, වෙහෙරගල
ඓතිහාසික රජමහා විහාරය, කොළොන්ගොඩ
ශ්‍රී සුමේධාරාම මහා විහාරය, යන විහාරවල දහම්
පාසල් ආරම්භ කිරීමට පියවර ගැනීම

වෙනත් :-
මිනිපේ තෛ‍්‍ර නිකායික සංඝ සභාවේ හිටපු ලේඛකාධිකාරි
හා මිනිපේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරි
හසලක කොළොන්ගොඩමහතෙල් මධ්‍ය මහා විද්‍යාලයේ
සහ මාතලේ දිස්ත්‍රික්කයේ මා/විල්/මාරක නවෝද්‍යා පාසලේ
ස්වේච්ඡා ගුරුවරයකු වශයෙන් සේවය කිරීම
රුවන්වැල්ල වැඩිහිටි නිවාසය ආරම්භ කිරීම හසලක
ආබාධිත රණවිරුවන් පනස්දෙනෙකු වෙනුවෙන් ඉඩම්
ලබාගෙන නිවාස 50 ක් ඉදිකර පරිත්‍යාග කිරීම
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ
ආචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටියි.

සටහන :- හේමමාලා රන්දුනු


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.