Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධිසිල් ලබති

පහළ කොට්ටරාමුල්ල විශුද්ධාරාමාධිපති, බ්‍රාහ්මණවත්තේ සුමනරතන තිස්ස ස්වාමීන් වහන්සේගේ සහ මූදුකටුව ද සොයිසාරාමාධිපති, මූදුකටුවේ සාසනසිරි තිස්ස ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යවර මොරකැලේ සිරිසුමන සාමණේර හිමියෝ ඉකුත් ජූනි මස 30 වන දින රාගම, වල්පොල විද්‍යානිවාස පිරිවෙන් විහාරාසන්න සීමා මාලකයේ දී උපසම්පදා ශීලයට පත් වූහ. මොරකැලේ පදිංචිව සිට නැසීගිය එම්.එච්. සෝමසිරි මහතාගේ සහ මොරකැලේ පදිංචි එච්.විනිපී‍්‍රඩා මහත්මියගේ පුත්‍ර මොරකැලේ සිරිසුමන හිමියෝ ඉ/කොට්ටරාමුල්ල, මොරකැලේ සිරි සුගතාරාමයේ වැඩ වෙසෙන අතර, සිරි සුගත දහම් පාසලේ උපදේශක ආචාර්යවරයෙක් ද වෙති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.