Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි ජන්ම සමරුවට පින්කම්

අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රට්ඨගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේගේ 115 වන ජන්ම දිනය සහ උන්වහන්සේගේ 13 වන වාර්ෂික ගුණ සමරුව, නිමිත්තෙන් මහරගම ආනන්ද මෛත්‍රෙය මාවතේ ශ්‍රී චන්ද්‍රසේකරාරාමයේදී මෙම 24 වනදා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.

ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි ජන්ම සමරු දේශනයක් සහ ශිෂ්‍යාධාර පිරිනැමීමේ උත්සවයක් මෙම 27 වනදා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මිහිකත මැදුරේදී පැවැත්වීමටද බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය පදනම මගින් කටයුතු යොදා ඇත. එම පින්කම සහ උත්සවය බඹරබොටුවේ ආනන්ද මංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.