Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී දේවානන්ද නා හිමි ගුණ සැමරේ

කොළඹ 07 , බෞද්ධාලෝක මාවත, ශ්‍රී කල්‍යාණධර්ම ආශ්‍රමයේදී කෝට්ටේ ශ්‍රී දේවානන්ද මාහිමිපාණන් වහන්සේ අපවත් වී විසිඑක් වසරක් (21) සපිරීම නිමිත්තෙන් අගෝස්තු මස 06 වැනිදා ඇරැඹුණු පින්කම් මාලාව මෙම 14 වනදා දක්වා පැවැත් වේ.

පෙරවරු 6.00 ට කිරි ආහාර පූජාව සහ පස්වරු 6.00 බෝධි පූජාව දිනපතා පැවැත්වෙන අතර නිකිණි පොහෝ දින පෙරවරු 9.00 ට ලේ දන්දීම ආරම්භ කිරීමට නියමිතය. එදිනම ත්‍රිපිඨකාචාර්ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක්ද පැවැත්වේ.

14 වන දින පෙරවරු 10.30 ට මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාව පිරිනැමේ. පෙරවරු 11.30 ට මරණයෙන් නිදහස් කළ ගවයින් භාරදීමද සිදුකැරේ.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.