Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යහමුල්ලේ ඇසළ පෙරහර

අකුරැස්සේ අකුරලිය යහමුල්ලේ ශ්‍රී බෝධිරුක්ඛාරාම පූජා භූමියේ වාර්ෂික ඇසළ පෙරහර අගෝස්තු 13 දා 25 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

අගෝස්තු 13 දා නිකිණි පුණු පොහෝදා චාරිත්‍රානුකූලව පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව එදින පස්වරු 2.30 ට ධාතු කරඬුව සහ දේවාභරණ සහිතව සංස්කෘතික විශේෂාංග ඇතුලත් පෙරහර විහාරස්ථාන භූමියෙන් පෙර ගමන් ආරම්භ කැරේ.

යහමුල්ල විදුහල අසළින් වීථි සංචාරය අරඹන පෙරහර යහමුල්ල විල්පිට ආවරණය වනසේ සංචාරය කොට ගෙවදීමට නියමිතය.

විහාරාධිපති සහ යහමුල්ලේ බෝධිරුක්ඛාරාම පූජා භූමි සංවර්ධන පදනමේ අධ්‍යක්ෂ යහමුල්ලේ අනුරුද්ධ හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඇසළ පෙරහර කමිටුව සංවිධානය කරන මෙම ඇසල උළෙල අවසන් කැරෙනුයේ සැමට සෙත් පතා 13 දා රාත්‍රි පැවැත්වෙන කෝල්මුර යාගයෙන් සහ පසුදා (14 දා ) දහවල් පිරිනැමෙන දේව දානයෙනි.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.