Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යක්කඩුව සද්ධර්මෝදයාරාමයේ කොත් වහන්සේ පැළඳවීමේ පින්කම

ජා - ඇළ යක්කඩුව ශ්‍රී සද්ධර්මෝදයාරාමයේ ගම්වාසී හා ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ ආධාරයෙන් ඉදිකරනු ලැබූ වෙහෙර වහන්සේගේ කොත්පැළඳවීම නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ.

ඉකුත් 1 වන දා ඇරැඹුනු එම පින්කම් මාලාවට අනුව මෙම 6 වන දා පස්වරු 06.00 ට අටවිසි බෝධි පූජාව හා පස්වරු 7.00 මව්පිය සම්භාවනා වැඩසටහන හා ධර්ම දේශනය විහාරගම සිරිනන්ද හිමියන් විසින් ද 7 වන දා පස්වරු 06.00 අටවිසි බෝධි පූජාව හා පස්වරු 07.00 ට ධර්ම දේශනය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් විසින් ද එදින රාත්‍රී 09.00 සිට මෙම 11 වන දා දක්වා සර්ව රාත්‍රික සති පිරිත් දේශනයක් ද පවත්වනු ලැබේ. 8 වන දා පෙරවරුවේ කොත් වහන්සේ තැන්පත් කිරීමද 10 වන ද පස්වරු 03.00 ට දේවදූත පෙරහර ද පස්වරු 07.00 ට දොරකඩ අස්න අනුශාසනාව ද 11 වන දා පෙරවරුවේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවයද පවත්වනු ලැබේ.

අනතුරුව 10.30 ට බුද්ධ පූජාව ද පෙරවරු 11.00 සංඝගත දක්‍ෂිණාවද පැවැත්වේ. මුරුක්වටවන සෝමානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංවිධාන කමිටුව මෙම පුණ්‍ය උත්සවය සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.