Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ලක්‍ෂ වාරයේ ජය පිරිත් සජ්ඣායනාව

මහා බලසම්පන්න ජය පිරිත එක් ලක්‍ෂ එක්දහස් වාරයක් මහා සංඝ රත්නය විසින් මහ පිරිත් සජ්ඣායනාවක් දින 120 ක් පුරා කරවීමට වී කෙයා ජාත්‍යන්තර පදනම මගින් සංවිධානය කර ඇත.

අලුත්නුවර සුමනතිස්ස ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම සහ අනුශාසනා මත කෝට්ටේ, මාදිවෙල පිහිටි ගංගාතිලක පුරාණ විහාරයේ දී ( ඊයම් පෝරුව පන්සල ) නිකිණි පොහොය දිනයේ (2011. 08. 13 ) සිට මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

උඳුවප් පොහොය දින ( 2011. 12. 10 ) එම පිරිත් සජ්ඣායනය කැටි කරගත් තෛලය උතුරු, නැගෙනහිර, දකුණු බස්නාහිර සහ රට මැද ද, තෝරාගත් ප්‍රදේශයන් 05 ක සකසා ගත් කුඩා චෛත්‍යයන් 05 ක් තුළ එකම වේලාවක දී තැන්පත් කිරීමට සැලසුම් කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.