Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන්ගේ ජන්ම සමරුව නිමිත්තෙන් ලේ දන්දීමේ පින්කමක්

ධර්‍මවිජය පදනමේ නිර්මාතෘ අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්වී 08 වන වසර සමරමින් සහ 98 වන ජන්ම දිනය සිහිපත් කරමින් අගෝස්තු 13 ( නිකිණි පුන් පෝදා ) ධර්‍මවිජය පදනමේ මෙහෙයවීමෙන් එදින දවස පුරා මහරගම ධර්‍මායතනයේ දී ධර්‍මවිජය පදනමේ අනුශාසක සහ මහරගම ධර්‍මායතනයේ වැඩ බලන විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ලේ දන්දීමේ පින්කමක් පැවැත්වේ. කොළඹ මධ්‍යම ලේ බැංකුව සංවිධානය කරන මෙම ලේ දන්දීමේ පුණ්‍ය කටයුත්ත සඳහා සෑම වසරකම ලේ පරිත්‍යාගශීලීන් 1000 – 1500 අතර සංඛ්‍යාවක් ඉදිරිපත් වීම විශේෂයකි. මේ සඳහා පූර්ණ අනුග්‍රහය සී. සී. විජය සමූහ ව්‍යාපාරය( සී. අයි. බී ) ආයතනයෙනි. ලේ දන්දීමට කැමැති ඕනෑම පින්වතෙකුට මෙම අවස්ථාවට සහභාගි විය හැකි බව ද කියයි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.