Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රිදී විහාරයේ පෙරහර මංගල්‍යය

කුරුණෑගල රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඓතිහාසික රිදී විහාරස්ථානය අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර යන යුග තුනට අයත් ඓතිහාසික කරුණු වලින් යුක්ත විහාරස්ථානයක් වේ.

රිදී විහාරස්ථානයේ දීර්ඝ කාලයක සිට සිදු කරනු ලබන පෙරහර මංගල්‍යය වසර 25 කට පසුව පසුගිය වර්ෂයේ සිට මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව ආරම්භ කරන ලදී. මෙම පෙරහර මංගල්‍ය සඳහා අති විශාල බැතිමතුන් පිරිසක් සහභාගි වන අතර, අලි ඇතුන් 25 ක් සහ සාම්ප්‍රදායික උඩරට පහතරට නර්තන කණ්ඩායම් 35 ක් පමණ සහභාගි කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. අභ්‍යන්තර පෙරහර අගෝස්තු 06 සිට අගෝස්තු 09 දක්වා ද කුඹල් පෙරහර අගෝස්තු 10 සිට අගෝස්තු 14 දක්වාද රන්දෝලි පෙරහර අගෝස්තු 15 සිට අගෝස්තු 19 දක්වා ද දිය කැපීම සහ දවල් පෙරහර අගෝස්තු 20 දින ද සිදු කැරෙන බව රිදී විහාර භාරකාර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්‍ඛිත නාහිමියෝ සඳහන් කරති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.