Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැමට සෙත් පතා පිරිත් දෙසුමක්

නිදහස මාවත තරුණ කැල විසින් වසරක් පාසා පවත්වනු ලබන පරිත්‍රාන ධර්මදේශනා පින්කම මේ මස 23 දින කඩවත කිරිල්ලවල නිදහස් මාවතේදී පැවැත්වේ.

උතුරු නැගෙනහිර යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ඇතුළු යුද්ධයෙන් මියගිය සියලු දෙනාට සහ 2004 සුනාමි ව්‍යයසනයෙන් මිය ගිය සියලු දෙනාට පින් පැමිණවීම සඳහාත් ජනාධිපතිතුමා ප්‍රධාන රජයට ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු ලක්වාසි සියලු දෙනාට සෙත්පතා පවත්වනු ලබන එම මහා පින්කම මේ මස 23 වන සෙනසුරාදා පස්වරුවේ සිට පසු දින පහන් වන තුරු පැවැත්වීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.