Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මල්වතු මහා විහාරයීය සඟ රජ මා හිමි සමරු පෙරහර ඇසළ පෝදා

බෝධිසත්ව ගුණෝපේත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ ගුණසමරු සංඝරාජ පෙරහර සහ ගුණානුස්මරණ උත්සවය ඇසැළපුර පසළොස්වක පෝදා මල්වතු මහා විහාරයේදී මල්වතු මහා විහාරයීය සංඝරාජ ගුණානුස්මරණ සමිතියේ මෙහෙයෙවීමෙන් පැවැත්වේ.

උපාධ්‍යාය, අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමි යන්ගේ අනුශාසකත්වයෙන් 65 වෙනි වරටත් පැවැත්වෙන සංඝරාජ පෙරහර මල් වතු මහා විහාරයෙන් මෙදින සවස 3.00 ට පිටත්වීමට පෙරාතුරව මල්වතු පාර්ශ්වයේ අතිගරු මහා නායක තිබ්බටුවාවේ ශි‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන සංඝරාජ ගුණසමරු උත්සවයක්ද වේ.

සංඝරාජ මා හිමි ප්‍රතිමාවට මෙහිදී ආරාධිත අමුත්තන් විසින් පුෂ්පපූජෝපහාර දැක්වීමෙන් අනතුරුව පිටත්වන සංඝරාජ පෙරහර මහනුවර වීදි සංචාරය කර සවස හයට පමණ සංඝරජ දහම් පාසල අබියසයෙන් ගෙවදීමට නියමිතය. පසුදින සංඝරාජ ගුණානුස්මරණ සමිතිය හා සංඝරාජ කාන්තා සමිතිය මූලිකත්වයෙන් සංඝ ගත දක්ෂිණාවක් සංඝරාජ දහම් පාසල් ශාලාවේදී පැවැත්වේ.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.