Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිච්ච මල් පූජා වැඩසටහන

කොළඹ 07, බෞද්ධාලෝක මාවත, ශාන්ති පදනම මගින් පවත්වන ලද පිච්ච මල් පූජාව 22 වැනි වරටත් ජූලි මස 09 , 10 යන දෙදින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳු අබියස පැවැත්වේ.

ජූලි මස 09 වෙනි දින උදේ 6.00 පෙර පහත සඳහන් ස්ථානවලට පිච්චමල් භාර දෙන ලෙස ඉල්ලීමක් ද කැරේ.

කැලණිය රජමහා විහාරය, කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සංගමය, බෙල්ලන්විල , රජමහා විහාරය, කෝට්ටේ නාග විහාරය, බම්බලපිටිය ,වජිරාරාමය, කලපළුවාව, ගෝතම තපෝවනය, මහරගම , වජිරඥාන ධර්මායතනය පිළියන්දල, කොළමුන්න බිම්බාරාමය, පිළියන්දල, බටකැත්තර ශ්‍රී සුමනාරාමය , පුවක්පිටිය, රන්වල දේවාලය, ගම්පහ මැදගම සිරි සුනන්දාරාමය, රත්මලාන මල්ලිකාරාමය, කොළඹ 07 ධර්මගවේෂී බෞද්ධ ආශ්‍රමය කොළඹ 07 සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානය , කළුතර පුලිනතලාරාමය, කොටපොල , ගැටබරු රජමහා විහාරය, දෙනියාය, පල්ලේගම ධර්මපාල ආරණ්‍යසේනාසනය , ගාල්ල, අක්මීමන , ගනේගොඩ ශීලවංශාරාමය, රත්නපුර, සමන්දේවාලය අසල සුමනාරාමය , කඩුගන්නාව පාරමිතා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, පානදුර , ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය, මාතලේ අළුවිහාරය, මාතලේ කවටයාමුණ රජමහා විහාරය,නිට්ටඹුව , වේයන්ගොඩ පාර විද්‍යානන්ද පිරිවෙන, වරකාපොල පිලාඩුව විද්‍යා ප්‍රකාශ පිරිවෙන, ගලිගමුව බිසෝවෙල රජමහා විහාරය, පිළිමතලාව ,ඌරාපොල , ධර්මාලෝක අභයරාජ පිරිවෙන , පේරාදෙණිය ඊරියගම සුබෝධාරාමය, ගැටඹේ රාජෝපවනාරාමය, මහනුවර ,උඩවත්ත කැලේ ශ්‍රී දළදා තපෝවනාරාමය, නුවරඑළිය වජිර අශෝකාරාමය, නුවරඑළිය, ශ්‍රී ලං.ග.ම. ඩිපෝව , බණ්ඩාරවෙල ශ්‍රී සුබෝධාරාමය (වැලිමඩ පාර) බගවන්තලාව විවේකාරාමය, පොල්ගහවෙල, විද්‍යානන්ද පිරිවෙන පොල්ගහවෙල විජයතුංගාරාමය ( කුලියාපිටිය) කුරුණෑගල දඹුලුපාර යග්ගපිටිය සම්බෝධි විහාරය, මාස්පොත ශ්‍රී ගංගාරාමය, කුරුණෑගල යන්තම්පලාව ශ්‍රී සුගතාරාමය, කෑගල්ල බෝධිමාලාකාරාමය, (මොලගොඩ විද්‍ය මංගල පිරිවෙන)

සමන්පිච්ච , ගැටපිච්ච, පොකුරු පිච්ච පරනොවී තබා ගැනීම සඳහා අමු කෙසෙල් පතුරු භාජනයක තැන්පත් කරන්න. පැන් ඉසීම අවශ්‍ය නැත. පොලිතින් බෑගයක මල් දමා ජලය ඉතා ස්වල්පයක් ඉස සුලං නොවදින සේ තැබීමෙන් දින 03 ක් පමණ මල් පර නොවේ. තවද ජූලි 10 වන දින භාවනා වැඩසටහනකි. පානීය ජලය රැගෙන සුදුවතින් සැරසී පින්කමට සහභාගි වෙන්නැයි ඉල්ලීමක් කැරේ.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.