Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

බිබිලේ නාගිත හිමි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී ඉකුත් 18 දින උපසම්පදාවලත් බිබිලේ නාගිත ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගැනීමේ පෙරහරක් උත්සව සභාවක් සහ මංගල ධර්ම දේශනය 26 ඉරුදින සවස බ්‍රාහ්මණගම දූව පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබිණ. ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂක බිබිලේ නාගිත හිමිපාණන් හෝමාගම, බ්‍රාහ්මණගම, දූව පුරාණ විහාරාධිපති ජාතික අධ්‍යාපන ආයතනයේ ආගම් පිළිබඳ අධ්‍යක්ෂ ත්‍රිපිටක ධර්ම විශාරද බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයාණන් ය.


නිල්පනාගොඩ පියනන්ද හිමි

අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ මීගමු පළාතේ අධිකරණ සංඝනායක නිල්පනාගොඩ මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත ඉදිමින්නේ උත්තමඤාණ තිස්ස නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය ගල්කන්ද සිරි නිකේත මූල මහා පිරිවෙනෙහි උසස් අධ්‍යාපනයෙහි නියුතු නිල්පනාගොඩ පියනන්ද සාමණේරයන් වහන්සේ ජුලි මස 01 වන සහ 02 වන දිනයන්හි රාගම වල්පොල විද්‍යා නිවාස පරිවේනාසන්න උදකුක්ඛෙප සීමා මාලකයේදී අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන විංශත් වර්ගික මහා සංඝරත්නය ඉදිරියේ දී උපසම්පදා ශිලයෙහි පිටිටුවන ලදී.

ජුලි මස 03 වන දින රාත්‍රි 7.00 සිට 8 .00 දක්වා මංගල ධර්ම දේශනාව නිල්පනාගොඩ පියනන්ද සාමණේරයන් වහන්සේ විසින් නිල්පනාගොඩ ජයවර්ධනාරාමයේ දී පවත්වන ලදී.


 


දොළපිහිල්ලේ චන්ද්‍රවංශ හිමි

උඩරට අමරපුර මහා නිකායේ වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක මාරුද්දන විමලධම්ම නා හිමි මල්දෙනියේ වජිරඥාණ හිමි, මල්දෙනිය ශ්‍රී බෝධිරාජාරාමාධිකාරි මල්දෙනියේ විමලවංශ හිමි යන ස්වාමීන් වහන්සේලාගේ ශිෂ්‍ය දැනට පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙණෙහි උසස් අධ්‍යාපනය ලබන දොළපිහිල්ලේ චන්ද්‍රවංශ සාමණේරයන් වහන්සේ උඩරට අමරපුර මහා නිකායේ මහා නායක තෙරිපැහැ සෝමානන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ‘සාසනජෝතිකා’ කාරක සංඝ සභාව වෙතින් ජුලි මස 08 වැනිදින මහනුවර වරාතැන්න ශ්‍රී මහාබෝධි සීමා මාලකයේදී උපසම්පදාව ලබති.

දොළපිහිල්ලේ චන්ද්‍රවංශ ස්වාමීන් වහන්සේ 08 වැනිදින නාවින්නාපිටිය මංසන්ධියේ සිට පෙරහරකින් ශ්‍රී බෝධිරාජාරාමය වෙත වැඩමවා ගෙන යාමටත්, එදින පස්වරු 03 ට පිළිගැනීමේ උත්සව සභාවක් පැවැත්වීමටත් එදිනම රාත්‍රි 7.30 ට උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය පැවැත්වීමටත්, තත් විහාරස්ථ දායක සභාවත්, කටයුතු සංවිධානය කර ඇත.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.