Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර ඇසළ සති පිරිත් පූජෝත්සවය ඇරැඹේ

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ ඇසළ සති පිරිත් පූජෝත්සවය ජුලි මස 06 වැනිදා ඇරැඹුණු අතර මෙම මස 13 දක්වා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

06 වනදින සධාතුක කරඬුව වැඩම කරවන ලද්දේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ මැතිතුමන් විසිනි.

දිනපතා පස්වරු 6.00 හේවිසි වාදනය, 7.00 ට ගිලන්පස බුද්ධ පූජාව, ප.ව.7.30 ට අටවිසි බුද්ධ පූජාව, ප.ව. 9.00 පිරිත් දේශනය සඳහා පූජනීය මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීම, පසුදින උදෑසන පෙරවරු 6.30 ට උදෑසන බුද්ධ පූජාව, 7.00 ට මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරිනැමීම, 11.00 ට බුද්ධ පූජාව, 11.15 ට මහා සංඝගත දක්ෂිණාව පිරිනැමීම, පස්වරු 3.00 ට මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීම සිදුකැරේ.

ජුලි මස 12 වැනිදා රාත්‍රී දොරකඩ අස්න අනුශාසනාව පවත්වනු ලබන්නේ රත්මලානේ කොතලාවලපුර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කර්මාවාගාචාර්ය විචිත්‍ර භාණක, මාපලගම බුද්ධසිරි නාහිමියන් විසිනි.

ඇසළ පෝදා කිරිවෙහෙර රාජමහා විහාරයේදී දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.