Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධිසිල් ලබති

මහඋල්පත සුනීත ධම්මාලංකාර හිමි

උතුරු නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී ලංකා අමරපුර ධර්මරක්‍ෂිත මහා නිකායේ සම්මාන නායක අනුවිජ්ජක ඓතිහාසික දිඹුලාගල අරණ්‍යය සේනාසනාධිපති මල්දෙණියේ ජිනාලංකාර නාහිමියන්ගේ සහ පොළොන්නරුව මහඋල්පත ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති දිඹුලාගල ශ්‍රී මහා කාශ්‍යප මහ පිරිවෙනෙහි ආචාර්ය, සමස්ත ලංකා සාමවිනිසුරු, ශාස්ත්‍රවේදී ඕගොඩපොළ ස්වර්ණ තිලකාලංකාර හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය, මහනුවර අස්ගිරිය මහා විහාර මහ පිරිවනෙන් ධර්ම ශාස්ත්‍රෝග්‍රහණය කරන ලද රාජකීය පණ්ඩිත මහඋල්පත සුනීත ධම්මාලංකාර සාමණේර හිමියන් පොසොන් මස 25 වැනි ශනි දින කඳාන වල්පොල ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස පරිවේනස්ථානය අසල බද්ධ සීමා මාලකයේදි උපසම්පදා ශීලයෙහි පිහිටු වන ලදී.


ගඟසිරිපුර ඤාණරතන හිමි

අනුරාධපුර තලාව කිරලෝගම දෙල්නේගම ශ්‍රී ශාන්ති විහාරාධිපති පණ්ඩිත රත්වත්තේ චන්දරතන මාහිමියන්ගේ ශිෂ්‍ය, මොරටුව කටුබැද්ද සිරි ගුණරතන පිරිවෙණෙහි මූලික අධ්‍යාපනය ලබා දැනට පැපිලියාන ශ්‍රී සුනේත්‍රාමහාදේවි පිරිවෙන් විද්‍යායතනයෙහි උසස් අධ්‍යාපනය ලබන ගඟසිරිපුර ඤාණරතන හිමියෝ ජූලි මස 03 දින මහනුවර මල්වතු මහා විහාරීය රාජකීය උපෝසථාගාරයෙහිදී උපසම්පදාව ලබති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.