Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


52 වන කොටස

228.
න චාහු න ච භවිස්සති – න චෙතරහි විජ්ජති
ඒකන්තං නින්දිතො පොසො - ඒකන්තං වා පසංසිතො

නින්දාව පමණක් ම – ප්‍රසංසා පමණක් ම – ලැබෙන්නකු ලෝකයේ කිසිදාක නූපදී.
හිතවතුනි, ජීවිතය හොඳ නරක යන දෙකින් ගොඩ
නැඟී තිබෙන බව හොඳින් වටහා ගන්න.

229.
යං චේ විඤ්ඤු පසංසන්ති – අනුවිච්ච සුවෙ සුචෙ
අවිඡිද්ද වුත්තිං මෙධාවිං - පඤ්ඤාසීල සමාහිතං

නුවණ ඇති සුසිල්වත් - සුසංවර තැනැත්තෝ - මහා පැණවතුන්ගෙන් පැසසුම් ලබන්නෝ ය.
හිතවතුනි, ලෝකයෙන් පැසසුමක් ලබන්නේ සුසංවර අයට බව හොඳින් වටහා ගන්න.

230.
නෙක්ඛං ජම්බෝදනස්සේ ව - කො තං නින්දිතුමරහති
දෙවා පි නං පසංසන්ති – බ්‍රහ්මුනා පි පසංසිතො

දෙව් බඹුන්ගෙන් පවා - මහා පැසසුම් ලබන - සුසංවර තැනැත්තෝ පරලොව දිනන්නෝ ය.
හිතවතුනි සුසංවර තැනැත්තා නිරතුරුව හිතවතුන් මැද දී ද පෙරමුණ ලබන්නේ ය.

231.
කායප්ප කොපං රක්ඛෙය්‍ය - කායෙන සංවුතො සියා
කාදුච්චරිතං හිත්වා - කායෙන සුචරිතං චාරේ

කයින් සංවර වීම – ඉතාමත් වැදගත් ය. කාය දුශ්චරිතයේ යෙදෙන්නා පාපියෙකි.
හිතවතුනි, සුසංවර ජීවිතය වැදගත් ය. සුසංවර තැනැත්තා ලෝකයට සම්පතකි.

මතු සම්බන්ධයි

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.