UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රාජ්‍ය පොසොන් උත්සවය සිතුල්පව්ව විහාර භූමියේ දී

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ රාජ්‍ය පොසොන් උත්සවය හා විදුලි ආලෝක පූජාව මේ මස 14, 15 හා 16 තෙදින අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වේ.

විහාරස්ථ දායක සභාවේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම මත අෂ්ඨමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක මැටරඹ හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උත්සවයට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් පිරිසක් සහභාගී වීමට නියමිතය.

ධර්ම දේශනා, බෝධි පූජා, ධර්ම සාකච්ඡා, ජාතක කථා දේශනා සහ භාවනා වැඩසටහන් ඇතුළු පින්කම් රැසක් පොහෝ දින සිදුකෙරේ. බැතිමතුන්ට අවශ්‍යය ආහාර ඇතුළු අනෙකුත් සියලු පහසුකම් සැපයීමට දායක සභාව හා උත්සව සංවිධාන කමිටුව කටයුතු සූදානම් කර තිබේ. ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය යොදවා ඇත .සෞඛ්‍යය පහසුකම් සුරක්ෂිත කිරීමට ද කටයුතු යොදා ඇත.

සිතුල්පව්ව රාජමහා විහාර පොසොන් උළෙල අවස්ථාවේ දන්සල් රැසක් ද පැවැත්වේ. යෝධකණ්ඩියේ සිට සිතුල්පව්ව දක්වාත්, කතරගම සිට සිතුල්පව්ව දක්වාත් ප්‍රවාහන පහසුකම් සැපයීමට දකුණු පළාත් සභා මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.

මේ උත්සවයට සමගාමීව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ඒ.පී. ජගත් හේමන්ත, සෝමදාස ගාල්ලගේ මහත්වරුන්ගේ අනුග්‍රහය හා බෞද්ධ ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් රන්වැට ඉදිකර නිම කිරීමත්, විහාරස්ථ පරිශ්‍රයේ පුරා විද්‍යා කෞතුකාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදු කිරීමටත් නියමිතය.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]