UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට පාකිස්තානයේ ගන්ධාර දේශයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම මේ මස නමවෙනිදා දක්වා කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහිදී පැවැත්විණි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන ජනාධිපතිතුමන්ගෙන් කළ විශේෂ ඉල්ලීමක් පරිදි ඉකුත් තුන්වෙනිදා පාකිස්තාන රජයේ ඇමැතිවරයකු වන වෛද්‍ය පෝලි මානි මහතා ඇතුළු දූත පිරිසක් සර්වඥධාතුන් වහන්සේලා මෙරටට වැඩමවාගෙන ආහ.

ඉකුත් හතරවෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධාතුන් වහන්සේලාට ප්‍රථම පුෂ්පෝපහාර දැක්වීමෙන් ඇරඹි මෙම ධාතු ප්‍රදර්ශනය ඉකුත් හයවෙනිදා අවසන් කිරීමට නියමිතව තිබුණි.

බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගැනීමට දිවයිනේ සතර දිග්භාගයෙන් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ පහසුව තකා මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය මේ මස නමවෙනිදා දක්වා පැවැත්වෙන බව මාලිගාකන්දේ විද්‍යෝදය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත දර්ශනපති බලන්ගොඩ සෝභිත හිමියෝ පැවසූහ.

උදේ නවයේ සිට රාත්‍රි දහය දක්වා පැවැත්වෙන මෙම සර්වඥ ධාතු ප්‍රදර්ශනය හත්වෙනිදා වනවිට එක්ලක්ෂ පනස් දහසකට අධික සැදැහැවතුන් පිරිසක් වන්දනාමාන කරගෙන තිබුණි.

දහ වැනිදා උදේ සර්වඥ ධාතුන් වහන්සේලා කළුතර බෝධියේ ප්‍රදර්ශනය කිරීම සඳහා වැඩම කරවන අතර ගාල්ල හා මාතර නගරවලදීද මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමටද දාහතර වෙනිදා තිස්සමහාරාමයට වැඩම කරවන සර්වඥාධාතුන් වහන්සේලා පොසොන් පොහෝ දින සිට තිස්සමහාරාමයේ දී දහස් සංඛ්‍යාත බැතිමතුන් සඳහා ප්‍රදර්ශනය කෙරේ.

 

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 15 වනදා බදදා පූර්වභාග 03.39ට ලබයි.
16 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 15 වනදා බදාදා ය.

මීළඟ පෝය
ජුනි 23 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 15

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]