Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අබාන්ස් බැතිබර දායකත්වයෙන් ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව තෙදිනක් පුරා

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 49 වන වරටත් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව මෙවරද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් පවත්වනු ලබන මෙවර ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව සඳහා අබාන්ස් ආයතනයේ බැතිබර දායකත්වය ලැබී තිබේ. මිහින්තලා රාජමහා විහාරාධිපති නුවරගම්දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාමල්වැවේ ශ්‍රී රතනජෝති රතනසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මිහින්තලා ආලෝක පූජා උළෙල ජූනි මස 14, 15 හා 16 යන තෙදින තුළ දී මිහින්තලා පුදබිමේ දී සිදු කැරේ.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.