Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් පෙරහර

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොසොන් මහා පෙරහර පොසොන් පෝය දින පැවැත්වේ. එදින සවස ශ්‍රී දළදා මාලිගාව මහ වහල්කඩින් පිටත්වන පොසොන් මහා පෙරහර මාලිගා චතුරශ්‍රයේ ගමන්කර මහවහල් කඩ අබියසයෙන් ගෙවදී. පොසොන් පෝදායින්, මල්වතු අස්ගිරි මහා විහාරයන්හි වාර්ෂික උපසම්පදා මංගල්‍යයත් නිමාවට පත්වේ. වෙසක් පෝය දිනයෙන් ආරම්භ කරන ලද උපසම්පදා විනය කර්ම පුණ්‍යෙීත්සවය එදින ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වන වාහල නාගයින් වැඩමාගත් උපසම්පදා මංගල්‍ය පෙරහර දෙක මල්වතු අස්ගිරි මහා විහාරයන්හි මංගල උපෝෂථාගාරවෙත ළගා වීමෙන් අනතුරුව සිදුකෙරෙන උපසම්පදාවෙන් පසු මෙම වසරේ මහා විහාරයන්හි වෙසක් පෝය දින සිට පවත්වාගෙන ගිය විනය කර්ම කටයුතු අවසන් කෙරේ.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.