Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන්  බුදුසරණ කථික තරගය පැවැති දා

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම හතළිස් නව වන වරටත් (49) පවත්වන මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව සංවිධානය කරන ලද උතුරුමැද පළාතේ බුදුසරණ කථික තරගය ඉකුත්දා (07) මිහින්තලේ මහා විද්‍යාලයේදී පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන අංශ දෙක යටතේ පැවැති එම කථික තරගය සඳහා උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් දරු දැරියන් විශාල පිරිසක් සහභාගි වූ එම අවස්ථාව මිහින්තලේ රජමහා විහාරවාසී වලවාහැංගුන වැවේ මහින්දරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.

බුදුසරණ පුවත්පත ජාතික ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් එම තරගයේ ත්‍යාග පිරිනැමේ.

එහිදී ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන අංශ දෙකෙන් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් දස දෙනා බැගින් තෝරාගනු ලැබූහ.

මෙහිදී ප්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන සඳහා පිළිවෙළින් රුපියල් දස දහසක් ( 10000 ) රුපියල් හත්දහස් පන්සියක් (7500) හා පන්දහස (5000) බැගින් මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ඩී.ආර්. විජේවර්ධන අනුස්මරණ, කුසලානය සමග කුසලාන තුනක්ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.

රුපියල් දහස බැගින් (1000) හතරවන ස්ථානයේ සිට දහවැනි ස්ථානය සදහා සහතික පතක් ද පිරිනැමෙන අතර මේ සියලු මුදල් සහ සහතික පත් පොසොන් පොහෝදින මිහින්තලා ආලෝක පූජාවේදී පිරිනැමීමට කටයුතු යොදා ඇත.

බුදුසරණ කථික තරගය ලේක්හවුස් ආයතනයේ කළමනාකරු විශේෂ ව්‍යාපෘති, ඩී.එස්. ඉලේසිංහ, අනුරාධපුර ශාඛා කළමනාකරු සරත් පෙරේරා, අනුරාධපුර ප්‍රාදේශීය කර්තෘ චූල බණ්ඩාර කුලසේකර, යන මහත්වරුද අනුරාධපුර ශාඛා කාර්යාලයේ බී.එල්. සමන්, ජගත් ලක්‍ෂ්මන් යන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.