Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ උපසම්පදා විනය කර්මය

එක්සත් අමරපුර මහ සංඝ සභාවට අයත් ශ්‍රී ලංකා ස්වේජින් මහ නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2011 ජුනි මස 03 වෙනි දින කඳුබොඩ ශ්‍රී සුමතිපාල ආරණ්‍ය සේනාසනයේදී මහා කම්මට්ඨානාචාර්ය විනයාවරිය ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ එම සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ඨානාචාර්ය ගම්පහ පේමසිරි නාහිමියන්ගේත් තත් දායක සභාවේත් ශාසනික අනුග්‍රහයෙන් සිදු කිරීමට කාරක සංඝ සභාව තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු නිකායේ මහා ලේඛකාධිකාරි කිරිඹරුවේ ධම්මානන්ද නාහිමියෝ සංවිධානය කරති. එම නිකාය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද්දේ 1906 ජනවාරි මස 08 වෙනි දින හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයේ දී බුරුම ජාතික අතිගරු යු. විනයාලංකාර මහ තෙරුන්වහන්සේගේ මූලිකත්වයෙනි. එබැවින් ශ්‍රී ලංකාවේ ස්වේජින් මහ නිකාය වසර 105 ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. එදා සිට මේ දක්වා එම නිකාය අභිධම්මික අරංගල සිරිධම්ම, උඩුවේ විමලරංසි, ආචාර්ය දෙවිනුවර ඤාණාවාස, මහාචාර්ය රේරුකාණේ චන්දවිමල, හේනේගම කළ්‍යාණසිරි යන සුපේශල ශික්ෂාකාමී විනයධර මහානායක මහ තෙරුන් වහන්සේලාගේ නොමද කැපවීම මත සුරක්ෂිතව පෝෂණය වෙමින් ලක් දෙරණ තුළ ව්‍යාප්තව පවතින බව සිහිපත් කරන බවද නොයෙක් පළාත්වල ලක්දිව ග්‍රාමවාසී සහ ආරණ්‍යවාසී වශයෙන් මෙම නිකායට අයත් උගත් ධර්මධර ශාසන මාමක භික්ෂූන් විශාල පිරිසක් වැඩවසති.

 


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.