Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අරලිය මල් පූජාව කැලණියේ දී

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයේ ‘ශාන්ති පදනම’ වාර්ෂිකව පවත්වනු ලබන ජාතික පිච්චමල් පූජා මහෝත්සවය 22 වන වරටත් අතිඋත්කර්ෂවත් අන්දමින් ජූලි මස 09 වන සෙනසුරාදා සවස අනුරාධපුරයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත. උත්සවයට සහභාගිවන බැතිමතුන්ගේ පහසුව තකා අනුකමිටු 33 ක් පෙළ ගැසී ඇත. පිච්චමල් පූජා කමිටුවේ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කිරීම පිණිස විශේෂ අරලිය මල් පූජා වැඩ සටහනක් ජුනි මස 18 වන සෙනසුරාදා සවස 5.00 ට කැලණිය රාජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට ශාන්ති පදනම කටයුතු යොදා ඇත. එදින උදේ 8.00 සිට ශීල භාවනා වැඩ සටහනක්ද පැවැත්වෙන අතර අරලිය මල් මාලා වලින් වෙහෙර වහන්සේ සහ බෝධින් වහන්සේ අලංකාර කිරීමටත් අපේක්ෂා කරන බැවින් මේ සඳහා විශාල වශයෙන් අරලිය මල් සපයා ගැනීමට සංවිධාකයෝ අපේක්ෂා කරති.

විමසීම් :- 0112699561


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.