Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලෙනදොර සෝරත හිමියෝ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පදවි ලබති

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවියට නිලන්නෝරුව පුරාණ විහාරය හා මනන්වත්ත ශ්‍රී බෝධිරාජ විහාරය යන විහාරස්ථානයන්හි විහාරාධිපති පල්ලේපොල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති හා මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂක ශාස්ත්‍රපති ලෙනදොර සෝරත ස්වාමීන් වහන්සේ පත් කර ඇත. මහනුවර අස්ගිරි මහා විහාරීය අතිගරු මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මඟින් 2011.03.31 දින අස්ගිරි මහා විහාරීය මංගල උපෝෂථාගාරයේ දී එම පත්වීම ලබා දී තිබේ.

ලේඛකයෙකු, ග්‍රන්ථ කර්තෘවරයෙකු ලෙස මහඟු සේවාවක් මේ වන විට සිදු කර ඇති උන් වහන්සේ ප්‍රකට ධර්මදේශකයන් වහන්සේ නමක් ද වෙති.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.