Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

50 වන කොටස

ක්‍රෝධ වග්ගය

221. කෝධං ජහෙ විප්පජහෙය්‍ය මානං
සංඤෙඤාජනං සබ්බ මතික්කමෙය්‍ය
තංනාම රූපස්මිං අසජ්ජමානං
අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා

ක්‍රෝධ මානය ඉක්ම - සසර බැමි ඉක්මවන- නාම රූ ඉක්මවන තැනැත්තා නිකෙලෙස් ය.

හිතවතුනි, සසර බැමි- හැඳින ගෙන හැසිරෙන්න- එවිට මේ ජීවිතය පිදිය යුතු වන්නේ ය.

222. යො වෙ උප්පතිතං කොධාං- රථං භන්තංච ධාරයෙ තම්හං සාරථිං බ්‍රෑමි රස්මිග්ගාහො ඉතරො ජනො
ක්‍රෝධ සිත හසුරුවන- තැනැත්තා රියදුරෙකි. එසේ නැති කිසිවෙකුත් රියැදුරෙකු නොවේම ය.

හිතවතුනි, ක්‍රෝධයෙන් - යහපතක් සිදු නොවේ- ඒ නිසා විනාශය ඔබට ළං වන්නේ ය.

223. අක්කෝධෙන ජිනෙ කොධං අසාධුං සාධුනාජිනෙ ජිනෙ කදිරියං දානෙන සච්චේන අලික වාදිනං

මෛත්‍රියෙන් ක්‍රෝධයද - යහපතින් අයහපත ද - දිනාගත හැකි බවත්- හොඳින් වටහා ගන්න දානයෙන් ලෝභය ද - බොරු වචන ඇත්තේ ද දිනාගත හැක්කේ ය. අත්හදා බලනු මැන..

හිතවතුනි, නරක දේ - හොඳින් ජය ගත හැකි ය- එවිට මේ ජීවිතය- සරු කෙතක් වන්නේ ය.


© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.