Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සංඝගත දක්‍ෂිණාව සඳහා කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත මහා විහාරස්ථානයට වැඩම කළ 2600 ක් සඟරුවනින් කොටසක් ද මෙහි වෙති.

දෙදහස් හයසිය සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් විදුලි බල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු සාමාජිකයෝ විසිහතර දෙනෙක් ඉකුත් දා (8) හිස මුඩුකැර සුදුවතින් සැරසී දින දහයක නේවාසික භාවනා වැඩසටහනකට සහභාගි වීමට කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට ගියහ. එහි ආරම්භක වැඩසටහන රාජගිරිය සදහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ඉකුත් දා (08) පැවැත්විණි. ජාතික හෙළ උරුමයේ නීති උපදේශක බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිළ එහි ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුන් භාවනා වැඩසටහනට සහභාගිවූ සාමාජිකයෝ අතර වෙති.

දීගල පියදස්සී හිමියන්ගේ බෝධිපූජා ග්‍රන්ථය එළිදකී
දෙහිවල කරගම්පිටියේ ශ්‍රී මේධංකර විහාරාධිපති කාව්‍ය ශ්‍රී විචිත්‍රභාණී දීගල පියදස්සී හිමිපාණන්ගේ “ග්‍රහ අපල දුරුකර සාමය සමඟිය නිරෝගී සුව උදාකරන බෝධිපූජා ග්‍රන්ථය සහ කැසට් පටය” පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට අරලියගහ මන්දිරයේ දී පිළිගැන්වූ අයුරු.

අගමැති දි.මු. ජයරත්න මහතාගේ සමාජ හා ආගමික මෙහෙවර උදෙසා උඩරට අමරපුර මහා නිකාය මගින් “හෙළ බොදු ජනරංජන කීර්ති ශ්‍රී වාගීශ්වර” ගෞරව නාමය අග්ග මහා පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහ නාහිමිපාණන් වහන්සේ විසින් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැති ආගමික උත්සවයකදී අගමැතිතුමා වෙත පිරිනමන ලද අවස්ථාව. ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මෙහි වෙයි.

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ 14, ඉඟුරුකඩ හන්දිය ශ්‍රී ශාඛ්‍ය සිංහාරාම අනගාරික ධර්මපාල විහාරයේ විහාරාධිපති ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ශ්‍රී ගුණරතන මූලික පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී නාගහපොල ඥාණවිමල හිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා ඔලගන්වත්තේ වජිරතිලක, ඔලගන්වත්තේ ඥානසිරි පළාත් පත්වල පියදස්සි යන ජ්‍යෙෂ්ඨ හිමිවරුන්ගේ සහයෝගය හා කැපවීමෙන් අමරපුර ආරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ වයඹ මධ්‍යම දෙදිසාවේ පළාත්භාර නායක අක්කර පනහේ බුද්ධසෝම නාහිමියන්ගේ හා සියඹලාගහවෙල විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති දෙල්තොට සුමන නාහිමියන් වහන්සේලාගේ උපාධ්‍යායත්වයෙන් ශ්‍රී ගුණරතන මූලික පිරිවෙන්හිදි දරුවන් නව දෙනෙකු ප්‍රවෘජාභූමියට පත්කළ අවස්ථාව.

 

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.